Colombo Today Local News

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

ලෙබනනයේ බේරූට් හි සිදු වූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 08 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ පිරිස මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවය.

පසුගිය ඉරිදා (04) ලෙබනනයේ බේරූට් අගනුවර වරායේ ගබඩාවක තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පිපිරීමෙන්  පුද්ගලයින් 135 දෙනෙකු මියගොස් තවත් 4000කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

අදාළ පිපිරීමෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ නිවාසවලට ද හානි සිදුව ඇති බවයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

පිපිරීම හේතුවෙන් බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සහ තානාපති කාර්යාල නිලධාරින්ගේ නිවාසවලට සුළු හානි සිදුව තිබේ.

නමුත් කිසිදු තානාපති කාර්යාල නිලධාරියෙකු තුවාල ලබා නොමැති බව වාර්තා වේ. ලෙබනනගේ ශ්‍රී ලාංකිකයින් 25,000ක් පමණ ජීවත් වේ.

ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා බේරුට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය විවෘතව පවතී.  

දුරකථන අංකය – +961 5769585

විද්‍යුත් තැපැල් ලිපිනය – [email protected]

Related posts

නැගෙනහිර ජැටියේ අයිතිය ලංකාවට

colombotoday

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

colombotoday

මාස 3කදී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ලංකාවට

Admin

මහේස්ත්‍රාත්වරියකට බරපතළ වැඩ සහිතව සිර දඬුවමක්

Admin

දැනෙන්න අඩු වූ තෙල් මිල

Admin

පුංචි මන්ත්‍රීන්ට ලක්‍ෂ 50 ක්… වැඩ හොඳනම් ලක්‍ෂ 100ක්‌

colombotoday