Colombo Today Local News

තුන්වන වාරයේ පාසල් අරඹන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුවයි

රට පුරා පාසල්වල තුන්වන වාරය දැනට තීරණය කර ඇති පරිදි ලබන 23 වැනිදා ආරම්භ කරන්නේද යන්න ගැන අවසන් තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව යැයි අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

මෙම තීරණය ගනු ලබන්නේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්‍ෂිතභාවය මෙන්ම ඔවුන්ගේ අනාගතය පිළිබඳවත් සිතා යැයි ද අධ්‍යාපන අමාත්‍යන්‍රයා සඳහන් කළේය.

තුන්වන වාරය ආරම්භ කිරීමට තිබුණේ නොවැම්බර් 9 වැනිදා වුවත් රටේ පවතින කොවිඞ් 19 තත්ත්වය නිසා සති දෙකකින් කල්දැමීමට රජය තීරණය කළ බැවින් දැනට නියමිත දිනය වන්නේ නොවැම්බර් 23 වැනිදා බව ද ඇමතිවරයා කීවේය.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් හා පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු පාර්ශවයන්ගේ ද අදහස් ලබාගෙන ඒ සියල්ල සැලකිල්ලට ගෙන තුන් වන වාරය 23 වැනි සඳුදා ආරම්භ කරන්නේ ද යන්න තීරණය කරන බව ඇමතිවරයා පැවසීය.

දූ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්‍ෂිතභාවය මෙහිදී ඉතා වැදගත්. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගත යුතුයි. එමෙන්ම දරුවන්ගේ අනාගතයත් වැදගත් යැයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (16)දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නව විශ්වවිද්‍යාලයක්

colombotoday

විෂ සහිත කිරිපැකට් දුන්නා නම් උපරිම දඬුවම් – පොලිස්පති

colombotoday

ජිනීවා-ඇමරිකානු යෝජනාවට ලංකාව දැක්වූ සම අනුග්‍රහයෙන් ඉවත්වීමේ සූදානමක්…

colombotoday

විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි !

colombotoday

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

colombotoday

ජනාධිපතිවරණය පිලිබද නිවේදනයක්

Admin