Colombo Today Local News

තැපෑලේ විසිඑක් දහසක් අද සිට දෙදිනක් වර්ජණයේ !

කිහිපයක පවත්වාගෙන යන තැපැල් කාර්යාල ගොඩනැගිලි, සංචාර හෝටල් ආරම්භ කිරීම සඳහා ලබා දීමේ සූදානමට එරෙහිව අද මධ්‍යම රාත‍්‍රීයේ සිට දෙදින වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තැපැල් සේවකයින් සූදානම් වනවා.

මෙය ඉතා බරපතල තත්ත්වයක් බවයි වැඩවර්ජනය කැදවන ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පෙන්වා දුන්නේ.

වැඩ වර්ජනය සඳහා විසි එක්දහසකට අධික තැපැල් සේවකයින් සම්බන්ධ වන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් තම ඉල්ලීම්වලට නිසි විසදුමක් ලබා දෙන්නැයි ඉල්ලා කොලඹ මධ්‍ය තැපැල් හුවමාරුව අසලදී අද දහවල් විරෝධතාවක් සංවිධාන කර ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ කියා සිටියේ.

Related posts

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370ට නගී

colombotoday

වාහන 5000ක් කොළඹ වටලන්න එයි.. අද හවසට දැඩි රථවාහන තදබදයක ලකුණු !

colombotoday

බොරැල්ලේ ඇළකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

colombotoday

ලංකා බැංකුව-මහජන බැංකුව කොටස් වෙළදපොලේ දමා විකිණීමට සැරසේ…

colombotoday

දිගාමඩුල්ලෙන් විමලවීර පෙරමුණ ගනී

colombotoday

කොළඹ ප්‍රධාන පාලම් දෙකක් දැඩි අවදානම් තත්වයක

Admin