Colombo Today Local News

තරුණයකු දීර්ඝ කාලයක් සිර කරන්න හොඳ නෑ. සිද්ධිය වෙද්දී බීලා ඉදල තියෙනෙ. එනිසා දුමින්ද සිල්වා නිදහස් කරන්න

මරණ දඬුවම නියම කර දැනට බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා එම දඬුවම් නිදහස් කර සමාජගත කළ යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

අදාළ ඝාතනය සිදුවන අවස්ථාවේ දුමින්ද සිල්වා මත්පැන් කර පානය කර සිටි ඇති බවද මන්ත‍්‍රීවරයා විසින් සිය මතය දක්වමින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.

දුමින්ද සිල්වා මේ වන විටත් වසර පහක කාලයක් සිර දඬුවම් විඳ ඇති බවද ගනේෂන් මහතා පෙන්වා දෙයි.

තමන් මානව හිමිකම් වෙනුවෙන් පිළිබඳව නිරතුරුවම පෙනී සිටින දේශපාලනඥයෙකු බවත් තරුණයන් දීර්ඝ කාලයක් සිරගත කළ යුතු නැති බවද ඔහු පවසයි.

එනිසා වසර පහක් සිර දඩුවම් විද ඇති නිසා දුමින්ද සිල්වා පුනරුත්ථාපන වී ඇතැයි තමන්ගේ විශ්වාසය යැයි ද එම නිවේදනයේ දැක්වෙයි.

ඒ ආකාරයෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් ද දිගු කාලයක් සිරගත කර සිටින බවත් ඔවුන්ද පුනරුත්ථාපනය කර ඔවුන්ගේ පවුල් සමග සාමාන්‍ය පරිදි ජීවත් වීමේ අවස්ථාව ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටී.

Related posts

තමිල්නාඩුවේ ගෙනා ‘ඊළාම්‘ ප්‍රථිමාවක් කිලිනොච්චියේ හයි කරයි (Photo)

colombotoday

ශ්‍රී ලංකා බුද්ධි අංශය බුද්ධි තොරතුරු බෙදා නොගැනීම පිළිබදව ඉන්දියාව කණගාටුවෙන්

colombotoday

මංකිපොක්ස් ගැන දැනුම්දීමක්

Admin

වැඩි මිලට සිමෙන්ති විකුණු ව්‍යාපාරිකයෙකුට වැඩ වරදියි

colombotoday

මම ජනාධිපති වූ වහාම කරවල මිල අරක්කු මිල අඩු කරනවා

Admin

ඡන්දෙ කරන්න සල්ලි නෑ !

colombotoday