Colombo Today Local News

ඤාණසාර හිමිගේ විහාරස්ථානයට ආරක්ෂාව ඉල්ලයි… වැලිකඩ පොලිසිය බෑ කියයි…

රටතුළ උද්ගතව තිබෙන අවදානම් තත්ත්වය මත එල්ල වී තිබෙන තර්ජන හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ගේ රාජගිරියේ පිහිටි විහාරස්ථානය පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස එම විහාරවාසී හිමිවරුන් ඊයේ රාත්‍රියේ පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම කර ඇත්තේ විහාරස්ථානය අයත් පොලි බල ප්‍රදේශය වන වැලිකඩ පොලිසියෙන් වන අතර, එහි ස්ථානාධිපතිවරයා හිමිවරුන්ට පවසා ඇත්තේ ආරක්ෂාව සදහා නිලධාරීන් යෙදවීමට නොහැකි බවයි.

අවශ්‍යනම් මිරිහාන පොලිස් අධිකාරීවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙසද වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා හිමිවරුන්ට දන්වා ඇත.

සියළුම මුස්ලිම් පල්ලිවලට පවා පොලිස් ආරක්ෂාව ලබා දී තිබියදී ඉස්ලාම් අන්තවාදීන්ගේ වැඩිම තර්ජනයට ලක්වූ ඤාණසාර හිමියන්ගේ විහාරස්ථානයට ආරක්ෂාව ලබා දෙන්නැයි කළ ඉල්ලීම නොසලකාහැරීම ගැන හිමිවරුන් කණගාටුව පලකර සිටිති.

Related posts

නුගේගොඩ ගණිකාවියො තිදෙනකු අත්අඩංගුවට

Admin

බැඳුම්කර මගඩියෙන් පසු මිළදී ගත් මාධ්‍ය ආයතනවල තොරතුරු එළියට !

colombotoday

හිටපු ජනපති මෛත්‍රීගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට වසර 20ක සිර දඬුවමක්

Admin

සියලු බස් හා දුම්රිය සේවා අත්හිටුවයි

colombotoday

වෙනම රටක් ඉල්ලන්න සිවාජලිංගම් ජිනීවා යයි

colombotoday

සනත් නිශාන්තට සිතාසි

colombotoday