World

ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වැඩිමහල් පුතු ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වනවිට ඔහු ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව සඳහන් වේ. ඔහුට සම්පූර්ණයෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් කොවිඩ් ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයි ද වාර්තා වේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පසුගිය දා කොවිඩ් ආසාදිත බවට තහවුරු වු අතර, ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට හා ඔවුන්ගේ බාල පුත්‍රයාට ද වෛරසය ආසාදනය වී තිබුණි.

කෙසේවෙතත් ලොව පුරා මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 1,377,584ක් සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අතරින් ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි.

ගෙවී ගිය දිනයේ එරටින් නව ආසාදිතයන් 195,428 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර නව මරණ 1,902 ක් වාර්තා වී තිබුණි.

ඒ අනුව අමෙරිකාවේ මේ වන විට හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 12,274,726 කි. ඉන් ආසාදිතයින් 7,316,323ක් පූර්ණ සුවය ලබා ඇති අතර, සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 260,283කි.

Related posts

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් වලදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

Admin

ජපානය අසල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත් වෙයි

Admin

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත ගත් නිවේදිකාවක් රුධිර කැටි ගැසී මරුට

colombotoday

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

කළු ජාතිකයාට වෙඩි තැබූ පොලිස් නිලධාරියාට එරෙහිව මිනීමැරීමේ චෝදනා

colombotoday

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

colombotoday