Colombo Today Local News

ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කරයි

ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දැනට පවතින ජාතික පාසල් සංඛ්‍යාව 374ක් බවත් ලංකාවේ ජාතික පාසල් පිහිටුවා ඇති ආකාරය සාධාරණ නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

ලංකාවේ ප්‍රා දේශීය ලේකම් කොට්ඨාස 330ක් පැවැතියත් එයින් ප්‍රාලේ කාර්යාල 124කට ජාතික පාසලක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රා ලේ කාර්යාලය 13ක් පැවැතියත් ජාතික පාසල් 37ක් පවතින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

උතුරු පළාතේ ප්‍ර ලේ කාර්යාල 38ක් පැවැතියත් ජාතික පාසල් පවතින්නේ 26ක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව සළකා බැලීම සඳහා තාක්ෂණික කමිටුවක් පත්කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related posts

ගංවතුරෙන් අවතැන්වූවන්ට චංගුමීගෙන් ලක්ෂ 75ක ආධාරයක් !

colombotoday

කෝඩුකාර මංත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙයි, දෙන්නත් බෑම කියයි

Admin

අපි ඉන්නේ ගිනි ගොඩක…

colombotoday

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා අද කරළියට !

colombotoday

පොලිස් ඇමති සමඟ සාකච්ඡාවකින් පසු ඕමාන් ආයෝජකයා ලංකාව හැරයන තීරණය වෙනස්කරයි

Admin

වාසුදේව මරාගෙන මැරෙන සටනක් අරඹයි !

colombotoday