Colombo Today Local News

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන දිනය ගැන ජනපතිගෙන් ඉගියක්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වෙනි සංවත්සරය යෙදෙන මෙම සැප්තැම්බර් 02දා වන විට සම්මුතිවාදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඟි පළ කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ තුන්වෙනි බලවේගය බවට පත් වූයේ එක්සත් ජාතික පක්ෂය සමග සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නිසා බවත් ඉන් කලකිරුණු බිම් මට්ටමේ පාක්ෂිකයන් පක්ෂයෙන් ඈත් වූ බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී ජයග්‍රහණය කිරීමට නම් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්ව කිහිපයක්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන සැප්තැම්බර් 02දා වන විට ආණ්ඩුවෙන් ඉවත් වන බව ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඉඟි පළ කළ බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

රක්කනාව දිය ඇල්ලේ ගිලී 9 හැවිරිදි දැරියක් ජීවිතයෙන් සමුගනී

colombotoday

කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

colombotoday

මහ මොළකරු නොවෙයි ගම්මන්පිලට වාර්තා ගිය හැටි සොයනු

Admin

නාගදීප බුද්ධ ප්‍රතිමාව එපා කියන යෝජනාව උතුරු සභාවට ඉදිරිපත් කෙරේ

colombotoday

සීමා නීර්ණයට බාලගිරි දෝෂය.. වාර්තාව අදත් නෑ.. තව කල් යයි

colombotoday

බෙදුම්වාදී මළබෙර හඩ ඇසේ.. ස්වාධීන බලතල පළාත්සභාවට.. ව්‍යවස්ථා කමිටු යෝජනා මෙන්න

colombotoday