Colombo Today Local News

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

එක්සත් ජාතික පෙරමුණ, මුස්ලිම් කොංග්‍රස මන්ත්‍රීවරයා සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් සඳහා වන යෝජනාවක් සම්මත කර ගත්තද තමන් අලුතෙන් කිසිදු කැබිනට් අමාත්‍යවරයකු පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව පැවසුවේ පසුගිය බදාදා සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

තමන් මේ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථානුකූල හා නීතිමය තත්ත්වය ගැන අවශ්‍ය කරන සියලුම නීති උපදෙස් මේ වනවිටත් ලබාගෙන ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ජාතික ආණ්ඩුවක හෝ කවර ආණ්ඩුවක වුවද කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම පිළිබඳව ව්‍යවස්ථානුකූලව තනි අභිමතය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බැවින් ඒ ගැන කිසිදු බාහිර පාර්ශ්වයකට මැදිහත්වීමට ඉඩක් නැතැයිද හෙතෙම වැඩිදුරටත් කියා තිබේ.

Deshaya

Related posts

තමන්ගෙ ආසනේ දිනන්න බැරි, පිංඇමති එස්.බී දිසානායකට බෑ එජාපය දියකරන්න – දිලිප් වෙදආරච්චි

colombotoday

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin

“මහින්ද වැරදි නෑ” – විජේදාස රාජපක්ෂ

colombotoday

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin

අගමැති ඉල්ලා අස් නොවීමේ තීරණයක්. – රාජපක්ෂ පවුල විරසක වෙයි.

colombotoday

කටාර් එමීර්වරයා පවුලේ අය සමග මෙරට සංචාරයේ

colombotoday