Colombo Today Local News

ජල ව්‍යාපෘති 20 ක්‌ ඇරඹීමේදී බිලියන ගණනක අක්‍රමිකතාවක්‌ සිදුවූවැයි හිටපු ඇමැති දිනේෂ් ගැන පරීක්ෂණ

පසුගිය රජය සමයේ රටපුරා පානිය ජල ව්‍යාපෘති 20 ක්‌ ස්‌ථාපිත කිරීමේදී සිදුවූ බව කියන රුපියල් බිලියන ගණනක මූල්‍ය අක්‍රමිකතාවක්‌ සම්බන්ධයෙන් හිටපු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්‌ සම්බන්ධයෙන් බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයා ගෙන් සහ ජල සම්පාදන අමාත්‍යංශයේ හිටපු උසස්‌ නිලධාරීන් පිරිසකගෙන් ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිත බව ජනාධිපති කොමිසමේ ආරංචිමාර්ග පැවසීය.

ඉකුත් 2013 සහ 2014 වර්ෂවලදී මෙම පානීය ජලය ව්‍යාපෘති ආරම්භ කරනු ලැබුවේ විදේශ ණය සහ දේශීය බැංකුවලින් ලබා ගත් ණය මුදල් යොදා ගෙනය.

වව්නියාව, අම්පාර, විල්ගමුව, කොළඹ, බෙන්තර, ඇල්පිටිය ඇතුළු රටපුරා ප්‍රදේශ ගණනාවක පානීය ජල ව්‍යාපෘති 20 ක්‌ එවකට ජලසම්පාදන හා ජලාපවාහන මණ්‌ඩලය විසින් ආරම්භ කරන ලදී.

එහිදී මෙම ව්‍යාපෘති සඳහා යොදාගත් අමුද්‍රව්‍ය සැපයීමේදී මෙන්ම ඒ සඳහා ටෙන්ඩර් ලබාදීමේදී මහා පරිමාණ වංචාවන් සිදුවී ඇති බව ජනාධිපති කොමිසම සිදු කළ විමර්ශනයකින් අනාවරණය වී තිබේ.

මෙම ව්‍යාපෘතිවලින් සිදුවූ මූල්‍ය අක්‍රමිකතාව කොතෙක්‌ දැයි මේ වනතුරු ගණනය කර නොමැති බවත් එය රුපියල් බිලියන ගණනක්‌ වන බවට තොරතුරු ලැබී ඇති බවත් ජනාධිපති කොමිසම ආරංචිමාර්ග පවසයි.

Related posts

යුද අපරාධකාරයෙකුගේ දියණියකයැයි දෙමළ ඩයස්පෝරාවෙන් යොහානිට ප්‍රහාර

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුත්තලමේ අන්තවාදී සංවිධානයක්

colombotoday

විපක්ෂයේ නායකයන් දස දෙනකුගේ ප්‍රජා අයිතිය නැති කරන්න කූට කුමන්ත්‍රණයක් – කිරිඇල්ල චෝදනා කරයි

colombotoday

“ලංගමය දුවන්නේ පාඩුවටයි.. තව මාස 6කින් වහල දාන්න වෙයි” – ප්‍රවාහන ඇමති

colombotoday

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Admin

බදුන්ලෙන් ඕෂධීට නාමයෝජනා… ප්‍රබල චරිත කිහිපයක් කැපෙයි !

colombotoday