Colombo Today Local News

ජනාධිපති විඝණන අංශය හදිසියේම අමාත්‍යංශය හතක් වටළයි. හිටපු ඇමතිවරුන්ට වැඩ වරදී

රටේ ඇතිවී ඇති ව්‍යාකූල දේශපාලන වාතාවරණයත් සමඟ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නියෝගය මත පෙර පැවති රජයේ සිටි ප්‍රභල අමාත්‍යවරුන් හත් දෙනෙකුගේ අමාත්‍යංශ, විශේෂ ජනාධිපති විඝණන සහ වැටලීම් අංශයේ නිළධාරීන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ (30) වටළනු ලැබීය. මෙහිදී අධ්‍යාපන, වනජීවී, මුදල් හා ජනමාධ්‍ය, බස්නාහිර සංවර්ධන , ජාත්‍යන්තර වෙළඳ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍යංශය තුලට ඇතුලු වූ විඝණන නිළදාරීන් එහි තිබූ ලිපිගොණු රැසක් ගෙනගොස් ඇතිබව වාර්තා වේ.

පැවති රජය යටතේ වංචා දූෂණ සහ අක්‍රමිකතා රැසක් මෙකී අමාත්‍යංශය තුළ සිදුවී ඇති බවට ජනාධිපතිවරයා වෙත ලිඛිත සාක්ෂි ලැබීමත් සමඟ මෙම හදිසි නියෝගය එතුමන් විසින් ලබා දී ඇත. මේ අනුව අදාල ලිපිගොණු අධීක්ෂණය කරමින්, හැකිතාක් ඉක්මණින් වැරදි කළ ඇමතිවරුන්ට උපරිම දඬුවම් ලබා දෙන ලෙස තමන් අදාල වගකිවයුතු ආයතන වලට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

Related posts

හමුදා කඳවුර ඉවතට.. මුලතිව්, කෝපාපිලව් තවත් ඉඩම් අක්කර 189ක් මුදාහැරේ !

colombotoday

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට කොවිඩ්

colombotoday

මහ හඩක් නගමින් බදුල්ලේ ප්‍රදේශ කිහිපයක පොළොව හෙළවෙයි…

colombotoday

මත්පැන් සාදය අවසානයේ සූපවේදියෙක් පඩිපෙළින් වැටී මියගිහින්

colombotoday

දින 14ක් රට වසා දමන බවට සමාජ මාධ්‍යයේ පැතිරය යන ප්‍රචාර අසත්‍යක් – යුද හමුදාපති

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නම බලා ගන්න වෙබ් අඩවියක්

colombotoday