Colombo Today Local News

ජනාධිපතිතුමා අපිට කියන්න ඕන නෑ අපේ ස්ත්‍රීන් කොහොමද අඳින්න ඕන කියලා – ප්‍රහාරයේ උනුසුම මැකී යද්දී උලමා සුපුරුදු රිද්මයට එයි…

https://www.facebook.com/AdaDerana24/videos/1110886989117173/

රටේ පවතින් තත්ත්වය අනුව ප්‍රසිද්ධ ස්ථාන වලදී නිඛාබය ඇදීම නතර කරන්නැයි තමන් මුස්ලිම් කාන්තාවන්ට උපදෙස් දුන් බව සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාව පවසයි.

එසේ තිබියදී ජනාධිපතිවරයා මුහුණු ආවරණය කරගෙන යෑම තහනම් කර ඇති බවත්, තම කාන්තාවන් අදින හැටි ගැන ජනාධිපතිවරයාගේ උපදෙස් අවශ්‍ය නැති බවත් ඔවුන් කියා සිටී.

කෙසේ වෙතත් මුහුණු ආවරණය කරන පරිදි වහාබ් අන්තවාදීන්ගේ බලකිරීම මත මුස්ලිම් කාන්තාවන් පලදින නිකාබය හා බුර්ඛාව ජාතික ආරක්ෂාවට හා ජාතික සමගියට බාධාවක් බව පසු ගිය සමයේ විවිධ පාර්ශව විසින් පෙන්වා දෙත්දී අන්තවාදය වෙනුවේන්ම පෙනී සිටි අතීතයක් උලමා සබාවට හිමිය. ත්‍රස්ත ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ රටතුළ උද්ගතව ඇති තත්ත්වය මත, අඩියක් පස්සට ගනිමින් අවස්ථානුකූලව ‘තාවකාලිකව‘ නිකාබය ඉවත් කරගැනීමට ඔවුන් කටයුතු කළද, ස්ථීර තහනනමකට එකග නොවන බවට, ජනාධිපතිවරයා පැනවූ නීතියට අභියෝග කිරීම තුළින් පෙනී යයි.

පසුගිය දින කිහිපය පුරා මාධ්‍ය ඉදිරියේ හඩා වැටෙමින් අමුතුම සංහිදියාවක් මවා පෑ උලමා සභාවේ සාමාජිකයන් ත්‍රස්ත ප්‍රහාරයේ උනුසුම මැකී යමින් පවතිද්දී සිය සුපුරුදු අන්තවාදී ස්වරූපය පෙන්නුම් කරමින් සිටින බවත්, රට තුල සැබෑ සහජීවනයක් ඇති කිරීමට උවමනාවක් ඇත්නම් ඔවුන් කළ යුතු වන්නේ රට ඉදිරියේ කිඹුල් කදුළු හෙළමින් අනිත් පසින් අන්තවාදය ආරක්ෂා කිරීම නොව, අන්තවාදයට එරෙහිව මුස්ලිම් ජනතාව පෙළගැස්වීම බවද විචාරකයන් පවසති.

Related posts

අගමැති ශුද්ධ වචනෙන් පාර්ලිමේන්තුව අමතයි. රූපවාහිනී සජීවී විකාශයත් අත්හිටුවයි.

colombotoday

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

colombotoday

ඇමති පුතාගේ කැබ්රිය එකම පවුලේ හතරක් යට කරයි.. හතර දෙනාගේම පාදවලට බරපතල හානි

colombotoday

රෝහල් කනිෂ්ඨ සේවකයින් ලෙඩ වෙයි

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරයේ ඉදිකිරීම් ලබන සතියේ

colombotoday

“ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” යැයි පැවසූ ඇමති මහනුවර සංවර්ධනය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

colombotoday