Colombo Today Local News

ජනපති සහ අගමැති හදිසි සාකච්ඡාවක

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හදිසි සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ පවත්වා තිබෙනවා.

 ජනාධිපති නිළ නිවසේ පැවැති එම සාකච්ඡාවට රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර සහ නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන්ද සහභාගී වී ඇති බව සඳහන්.

රාත්‍රී අටට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බවද වාර්තා වනවා.

 සරත් ෆොන්සේකා, පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන් හතර දෙනකුට අමාත්‍ය ධුර ලබානොදීමට හේතු වූ කරුණු ජනාධිපතිවරයා එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ජනපති මෛත්‍රීපාලටත් වඩා මුදල් ඇමති රවී ලොක්කෙක්! – ඕෂධී හේවාමද්දුම

colombotoday

අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.

colombotoday

උඩුවේ හිමියන් ඇපමත නිදහස්

colombotoday

රයන් වැන්රොයන් ලබන 25 වැනිදා දක්වා යලි රිමාන්ඩ්

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට නැහැ

colombotoday

ලොව ඉපැරණිම ජනාවාසයක් වූ පාහියන්ගල, ඓතිහාසික ගල්ලෙන අනතුරේ !

colombotoday