Colombo Today Local News

ජනපති කතානායක අද (29) හමුවී කතා කල දේ

රට තුල උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනාධිපතිතුමා සහ කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම යෝග්‍ය බවට අද (29) දින පාර්ලිමේන්තුවේ දී පාර්ශව ගණනාවක් සහ පක්ෂ නායකවරු විසින් ද පලකරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් කථනායකතුමා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිතුමන් හමුවී සාකච්ඡාවක නිරත වී ඇත.

සෑම අංශයකින්ම රට තුල අස්ථාවර තත්වයක් ඇතිවෙමින් පවතින බවත්, විශේෂයෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිදවැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු වන බැවින්, අවිනිශ්චිත තත්වයට ඉක්මන් විසදුමක් ලබාදීම කල යුතු බව කථානායකතුමා පෙන්වා දෙනු ලැබූ බව කතානායක මාධ්‍ය අංශය සඳහන් කර සිටියි. මෙහිදි කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ජනාධිපතිතුමන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් පල වූ බවත්, විසදුමකට එළ‍‍ඹීමෙහිලා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්ය භාරයද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් වූ බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කතානායක මාධ්‍ය අංශය සඳහන් කර සිටියි.

හෙට (30) දින පස්වරුවෙහි විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් සමඟ ද වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලබන බවට මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිතුමන් එකඟවූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related posts

18 වංගුවේ 02වන වංගුව වසා දමයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Admin

ඇදිරිනීතිය නොතකා මහමග ගී ගයමින් විනෝද වූ මුස්ලිම් ජාතිකයන් හයක් අත්අඩංගුවට…

colombotoday

ශ්‍රී ලංකා රුපියල පහත වැටීමෙන් වාර්තාවක්. රජය බංකොලොත් – කැපිටල් ඉකොනොමිට්ස්හි ආර්ථික විශ්ලේෂකයෙකු කියයි

colombotoday

තාවකාලික රියදුරු බලපත්‍ර පරික්ෂා කරන්න පොලිසියට පරිගණක යෙදවුමක්

colombotoday

චීනයෙන් ලංකාවට මිලියන 127ක වෛද්‍ය උපකරණ

colombotoday

ක්ලේමෝ බෝම්බයක් සමග කොටි කතක් පරන්තන්හිදී අල්ලයි

colombotoday