Colombo Today Local News

ජනපති අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නෑ

ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත්වෙන අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නොමැති බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (18දා) කොළඹ බෞද්ධාලෝක පොසොන් කලාපයේ තොරණ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එසේම ජනපති අපෙක්ෂකයා සුදුසු වේලාවේදී ප්‍රකාශ කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඇතැම් අය චමල් රාජපක්ෂ මහතා ඉල්ලන බවත් තවත් අය ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලන බවත් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂනායකවරයා සඳහන් කළේ එය එසේ බවයි.

“කවුරු වුණත් අපි දාන අපෙක්ෂකයා දිනනවා. ඒක තමයි කියන්න තියෙන්නේ” යැයිද ඔහු පැවැසීය.

Related posts

“චන්ද්‍රිකාට, මෛත්‍රීට, මට නැති ආරක්ෂාවක් මහින්දට දෙන්න බෑ.. ඉතිරි හමුදාවත් ඉවත් කරනවා”

colombotoday

19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරන්න උත්සාහ දරන්නේ බැසිල් රාජපක්ෂගේ වුවමනාවට – සමගි ජන බලවේගයෙන් චෝදනාවක්

colombotoday

ගුරුකන්ද විහාරයේ කෝවිලක් තියෙනවානම් මම සිවුර ගලවලා ගෙදර යනවා.

colombotoday

ජිනීවාහි දී අද්මිරාල් සරත් වීරසේකර අත්අඩංගුවට ගැනීමේ ඩයස්පොරා සැලසුම වැරදී ගිය හැටි

colombotoday

එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් වන ලකුණු

colombotoday

ඇමරිකානු තානාපති හැසිරෙන්නේ මේ රටේ යුව රජු වගෙයි.. ජනපතිට නියෝග දෙන්නේ ඔහුයි…

colombotoday