Colombo Today Local News

ඡන්ද දිනය තීරණයට මැතිවරණ කොමිසම අද රැස් වෙති. ඡන්ද පති‍්‍රකා මුද්‍රණයත් ඇරැඹෙයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණ ඡන්ද විමසීමේ දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (03 දා) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

මැතිවරණ දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩුවේ තීන්දුව ඊයේ (02 දා) ප‍්‍රකාශයට පත් වූ අතර ඊට අනුව අවශ්‍ය තීරණ ගැනීමට කොමිසම රැස් වන බව මැතිවරණ කොමිසමේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මේ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය ජූලි මස අග හෝ අගෝස්තු මුල් සතියේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

මේ අතර මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීම පිළිබඳව ද කොමිසමේදී අද අවසන් තීරණයක් ගනු ඇතැයි වාර්තා වේ.

මැතිවරණයට අදාළ ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීමේ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අද ආරම්භ කරන බව ද වාර්තා වෙයි.

නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණයට අවශ්‍ය සියලූ උපදෙස් මැතිවරණ කොමිසම විසින් මීට පෙර ලබාදී තිබූ අතර ඊයේ ලබාදුන් නඩු තීන්දුව අනුව එහි මුද්‍රණ කටයුතු ආරම්භ වන බව ද වාර්තා වෙයි.

Related posts

කැබිනට් සංශෝධනය හෙට… ශ්‍රීලනිප 16 කණ්ඩායම විපක්ෂයට !

colombotoday

අදත් බස් ධාවනය අඩාලයි

colombotoday

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

Admin

මෙරට ගව ඝාතනය නතර කරයි. – සියලුම පළාත් පාලන ආයතනවලට දැනුම් දෙයි

colombotoday

IOC ඉන්ධන මිල පහල යයි

colombotoday

ප්‍රධාන රෝහල් රැසක කණිෂ්ඨ සේවකයින් පැය 4ක් වර්ජනයක

colombotoday