Colombo Today Local News

‘චීන ජාතිකයන් කොන්කරන්න එපා’ – සෞඛ්‍ය ඇමතිනිය ලාංකිකයන්ගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට සාමාන්‍ය පරිදි සලකන ලෙසද, ඔවුන් කිසිවිටක කොන්නොකරන ලෙසද ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(03) පැවසුවාය.
 
කොළඹ එම අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.
 
චීනය සහ ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර කොරෝනා වයිරසය හේතුකරගෙන එම සබඳතා පළුදු කරගත යුතු නැතැයිද එහිදී ඇමැතිවරිය කීවාය.
 
මෙරට විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් කොන්කිරීමට හෝ ඔවුන් සමඟ එක්ව වැඩකිරීම ප්‍රතික්ෂේප කිරීමට හෝ ශ්‍රී ලාංකිකයන් යොමු නොවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඇය ප්‍රකාශ කළාය.

Related posts

මම දන්නේ නැතුව මාව දික්කසාද කරලා. මේ රටට කාති උසාවි එපා. – එක රටක් එක නීතියක් බලකායට බදුල්ලෙන් ලැබුණු අදහස්.

colombotoday

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

විදුලිය සහ ජලය කප්පාදු කරනවා. පාරිභෝගිකයින්ගෙන් චෝදනා – ඇමති නැ කියයි

colombotoday

“රාජිතට විරෝධය පා, කොඩි ඔසවන්න”

colombotoday

හොරොයින් සමග කාන්තාවන් දෙදෙනෙකු නාකොටික් අත්අඩංගුවට

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin