Colombo Today Local News

ගුරු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය..!!

ගුරුවරුන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු ප්‍රජාවම උපාධිධාරීන් බවට පත් කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ, අනුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල පීඨයන් බවට පත් කර ගුරුවරුන් සඳහා උපාධි සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමි විය.

ඒ, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට සියලු ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීමේ වැඩසටහන යටතේ එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

එය ක්‍රියාත්මක කිරීමේදී ශාස්ත්‍රීය සහ නෛතිකමය කාර්යයන් ඉටු කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද නියමිත ය.

ඒ, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය වන ආකාරයෙනි.

Related posts

පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි

Admin

ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday

“මේ ආණ්ඩුවට බොක්කුවක්වත් හදා ගන්න බැරිවුණේ රාජපක්ෂලා ජොලියට ගත්ත ණය ගෙවන්න සිදුවුණ නිසයි” – ඇමති චම්පික

colombotoday

හන්තාන ඉඩම මගේ.. ඒ නිසා මා එළි පෙහෙලි කලා – ලක්ෂ්මන් කිරිඇල්ල

colombotoday

කන්දකාඩුවෙ ගැටුම සොයා බලන්න කමිටුවක්

Admin

ෆොන්සේකාගේ නෝනට කඩේ යන්න වාහන දුන්නෙත් ඇවන්ගාඩ් ?

colombotoday