Colombo Today Local News

ගෑස් රුපියල් 300කින් ඉහළට ?

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයට මිල රුපියල් 300කින් ඉහළ දැමීමට ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබේ.

සමාගම් දෙකේ මෙම ඉල්ලීම් පිළිබඳ කළ විමසීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පැවසුවේ, ගෑස් මිල වැඩි කිරීමට මෙතෙක් අනුමැතිය ලබා නොදුන් බවයි. ලෝක වෙළඳ පොළේ ගෑස් විශාල ලෙස ඉහළ ගොස් තිබීම හේතුවෙන් දැන් පවතින මිලට ගෑස් අලෙවි කළ නොහැකි බව කියමින් මල වැඩි කිරීමට ඉක්මනින් අවසර දෙන ලෙස සමාගම් දෙක ඉල්ලා ඇත.

ගෑස් සිලින්ඩරයක මිල පසුගිය වසරේ දී රුපියල් 110 කින් වැඩි කෙරුණු අතර ඒ අනුව කිලෝ 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක කොළඹ මිල රුපියල් 1431කි.

Related posts

බෞද්ධයා නාලිකාව, අධිරජ ධර්මාශෝක අන්තවාදියිලු.. සංහිදියාවට බාධාවක්ලු !

colombotoday

ඕමන්තේ මුරපොළ ඉවත් කරගැනීමට එකග වේ.. අක්කර 20ක් මුදාහරී !

colombotoday

හිජාස් හිස්බුල්ලාට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

colombotoday

මොනරතැන්නේ පිරිසක් රැකියා ඉල්ලා දේව කන්නලව්වක

colombotoday

චම්පික අත්අඩංගුවට!

colombotoday

ෆව්සිගේ මන්ත්‍රීධුරය මාසෙකින් අහෝසියි

colombotoday