Colombo Today Local News

ගායක රජීව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන නියෝග

සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප‍්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට ජනප‍්‍රිය ගායක රජිව් සෙබස්තියන්ට එරෙහිව වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මාරවිල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනසුරු කේමින්ද පෙරේරා මහතා ගායක රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පෙරේදා (15) නියෝග කළේය.

වෙන්නප්පුව හෝටල් පරීශ‍්‍රයකදී 2017 අගෝස්තු 04 වැනිදා ”සරඹ” නමින් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම සඳහා ප‍්‍රවීණ ගායන ශිල්පීන් වන සුනිල් පෙරේරා, ඇනස්ලි මාලේවන හා ඩෙස්මන් සිල්වා සහභාගි කරවන බවට පෙරොන්දු වී රුපියල් ලක්‍ෂ තුනක අත්තිකාරම් මුදලක් ලබාගෙන සංගීත ප‍්‍රසංගය පැවැත්වීම පැහැර හැරිය බවට එම ප‍්‍රසංගයේ සංවිධායකවරයෙකු වන වෙන්නප්පුව දුම්මලදෙණියේ එච්.ඞී. ටර්සියන් ක‍්‍රිස්ටි රත්නප‍්‍රිය මහතා වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබිණි.

මෙම මුදල ආපසු ගෙවීම සඳහා රජිව් සෙබස්තියන් පැමිණිලිකරුට රුපියල් ලක්ෂ තුනක චෙක්පතක් ලබා දුන් නමුත් එම චෙක්පත අගරුවී ඇති බවද පැමිණිල්ලේ සඳහන් විය.

මේ අනුව මුදල් වංචාව, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කීපයක් යටතේ ණය අයකිරීමේ පනතේ 25 x 1 වගන්තිය යටතේ මොහුට එරෙහිව අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෙන්නප්පුව පොලිසිය කීය.

වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක එල්.බී. අබේරත්න මහතාගේ උපදෙස් මත වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් පිරිසක් මේ සිද්ධියට අදාලව විමර්ශන කටයුතු සිදු කළහ.

පැමිණිල්ල වෙනුවෙන් පොලිසිය සමඟ නීතිඥ ලලන්ත සරච්චන්ද්‍ර සහ නීතිඥ දීපිකා ජයකොඩි යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

Related posts

හඩ පටය තමන්ගේ බව හිටපු අල්ලස් ලොක්කී පිළිගනී !

colombotoday

නිදහසේ 75 වන සමරුවට වන්නිලඇත්තන්ට ආරාධනා

Admin

විද්‍යා ඝාතන පරීක්ෂණය ඇමතිනී විජයකලා දෙසට හැරෙයි.. අධිකරණයෙන් නියෝගයක් !

colombotoday

යුධ අපරාධ පරික්ෂණ කල් දමන්නේ අපරාධ කරුවන්ට පැන යාමටයි – විග්නේශ්වරන්

colombotoday

වයිෆයි දෙන්න ආ හයිෆයි උදවිය දැන් කරන දේ ගැන හිටපු ජනපති කියයි (VIDEO)

colombotoday

වව්චරේ අවුල්… දෙමව්පියෝ අකිල ඇමතිතුමාගේ මෑණියෝ සිහි කරනව – බුද්ධික පතිරණ

colombotoday