Colombo Today Local News

ගම ගොඩනැගීමට බැංකු සේවා ගමට ගෙනියන්නැයි ජනපති කියයි

ගම ගොඩනැගීමට නම් ග්‍රාමීය ආර්ථිකය සහ ජනතා අවශ්‍යතා හඳුනාගනිමින් බැංකු සේවා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

පිට රටවලින් පැමිණ කර්මාන්තශාලා අරඹන තෙක් නොසිට අපනයන කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපතිවරයා කියා සිටී.

කර්මාන්ත බිහි වීම පමණක් සංවර්ධනය නොවන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තය කේන්ද්‍ර කරගනිමින් ග්‍රාමීය ව්‍යවසායකත්වය වර්ධනය කළ යුතු බව පවසයි.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ අදහස් පළ කෙරිණ.

අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන කෘෂිකර්මාන්තය දියුණු කිරීමෙන් ආර්ථික සංවර්ධනය අත් කරගැනීම රජයේ අරමුණකි. ඒ සඳහා ආර්ථිකය ගොඩනගන ආකාරය පහළ සිට බැලීමේ වැදගත්කම ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

දීර්ඝ කාලීනව ගෙවීමේ පදනම මත මහා පරිමාණ වශයෙන් ණය ගෙන ගෙවීම පැහැර හරින අයට එරෙහිව තදින් ක්‍රියාකළ යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය බැංකුවලට අයවිය යුතු ණය අයකරගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

Related posts

විදුලි ගාස්තු වැඩි කරන්න අවසර දෙන්නේ නෑ! – මහජන උපයෝගීතා කොමිසම කියයි

Admin

“ලංකාවේ මාරුතී මාමා මරු.. බදු අඩුකරලා අපේ වාහන ටික විකුණලා දෙනවා.. ඉන්දියාවේ අය දැන් හිතන්නේ එහෙමයි” බන්ධුල ගුණවර්ධන

colombotoday

ජනපතිගෙන් මාධ්‍යට දොස්මුරයක් (Video)

colombotoday

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

colombotoday

වසන්ත කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි

Admin

ආයෝජන මණ්ඩලය හරහා ලබා දෙන බදු සහන අදින් නිමයි

colombotoday