Colombo Today Local News

‍ගංජා ප්‍රවාහනය කළ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

යාපනය සිට කේරළ ගංජා ප්‍රවානය කළ පොලිස් නිලධාරියෙකු ඊයේ(15) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය චාවකච්චේරි පොලීසිය පවසයි.

පොලීසිය පැවසූ‍වේ කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 700 ක් ප්‍රවාහනය කළ වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

යුද හමුදා නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදි වෑන් රථයකින් ගමන් කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, යාපනය චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් – බැඳුම්කර හිමියන් IMF වෙත දැනුම්දෙයි

Admin

දිවයිනට ආ මෙට්‍රික් ටොන් 3,900 ක් රැගත් ගෑස් නෞකාවේ ගොඩබෑම් ඇරඹේ

colombotoday

‘පොලිස් බලතල ගන්න පොලීසියට බැදෙන්න‘ – විග්නේශ්වරන් උතුරේ දෙමළ තරුණයන්ගෙන් ඉල්ලයි

colombotoday

පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

වෑන් රියක් සමග කුණු කන්දට යටවුණු පහළොස් දෙනෙකු සොයා කැණීම් ඇරඹේ

colombotoday

ස්ප්‍රේ, චුයින්ගම්, චාර්ජ් කරන සිගරට් : පාසල් දරුවන් බිලිගන්නා අලුත්ම “මත් ක්‍රම” මෙන්න

colombotoday