Colombo Today Local News

කෝටි 42ක හෙරොයින් තොගයක් සොයා ගනී

පාතාල සාමාජික අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 42ක්, ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දා ඩුබායි රටට පළා යෑමට තැත් කිරීමේ දී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අතර සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයින් දෙදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු ලබා ගෙන ඇත.

ටී.56 ගිනිඅවි 03ක්, පතොරම් 170ක් සහ මිලිමීටර 09 වර්ගයේ පිස්තෝලයක් සමග රුපියල් කෝටි 42ක් පමණ වටිනා හෙරොයින් වැටලීමේ දී සොයා ගෙන තිබේ.

මෙම ගිනි අවි සහ මත්කුඩු අංගොඩ ලොක්කාට අයත් බවට අනාවරණය වී තිබේ.

Related posts

තොණ්ඩමන්ගේ නිවසක් ගිනිගනී

colombotoday

දුම්රිය වර්ජකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණයක්

Admin

නව ව්‍යවස්ථා කමිටුවේදී අගමැතිගෙන් දිනේෂ්ට තර්ජනයක් !

colombotoday

විමල් සන්ධානයෙන් ඉවත් වෙයි

colombotoday

අගමැති හෙට විශේෂ ප්‍රකාශකයක් කරන්න යයි

colombotoday

මා කියන දේ ඉහළ නායකත්වයට ඇහෙන්නෙ නෑ.. කණගාටුයි – රාජ්‍ය ඇමති වසන්ත සේනානායක

colombotoday