Colombo Today Local News

කොළඹ වරායේ මහා පරිමාණ ඉඩම් ජාවාරමක්… චන්ද්‍රිකාට එරෙහිව පරීක්ෂණ කරන්නැයි අධිකරණය නියෝග කරයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව ගොනු වී තිබෙන බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) අදාළ පරීක්ෂණ කටයුතු වසර 8ක පමණ කාලයක් තිස්සේ යටගසමින් තිබෙන නිසා මේ ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම්දීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

කොළඹ වරායේ මැරයින් සමාගම පෞද්ගලීකරණයට එරෙහිව තමා නඩු පැවරීමෙන් පසුව ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් එම ව්‍යාපාරික ගිවිසුම අවලංගු කළ බවත් කොළඹ වරායේ අක්කර 6ක් ඉතා අඩු මුදලට ලබාදීම ඇතුළු මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් එවකට ජනාධිපතිනිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට චෝදනා එල්ල වී තිබෙන බවත් වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම සිද්ධියට සම්බන්ධවීම ගැන පරීක්ෂණ කරන ලෙසට අධිකරණය රහස් පොලිසියට දැනුම් දී තිබියදීත් වසර 8ක් තිස්සේ රහස් පොලිසිය එම පරීක්ෂණ නිසි පරිදි සිදුනොකරන බවට නානායක්කාර මහතා චෝදනා නඟයි.

වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිතුමා යටතේ පවතින නිසා මෙම පරීක්ෂණ කටයුතු නිසි පරිදි කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– mawbima

Related posts

වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..

colombotoday

රණවිරුවන්ට එරෙහිව දැමූ නඩු නවතන්න බෑ – නීතිපති දප්පුල ජනපතිට එරෙහිව අවි ඔසව‍යි

colombotoday

ජනපති අනුර ඉදිරියේ අන්තවාදයට ඉඩක් නෑ

Admin

රිෂාඩ්ගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදීන්ව වීඩියෝ කරලා

colombotoday

මෛත්‍රිපාල හැප්පුවාට ඉස්මයිල් පහර දීලා

colombotoday

කාදි අධිකරණයෙන් අසාධාරණයට ලක්වූ මුස්ලිම් කතකගෙන් මාධ්‍යයට තවත් හෙළිදරව්වක්

colombotoday