Colombo Today Local News

කොවිඩ් පරාජයට මීටරයක දුර මදි – සෞඛ්‍ය අංශ

කොවිඩ් -19 වෛරසයේ නව ක්‍රියාකාරිත්වය නිරික්ෂණය කිරිමේ දී සමාජ දුරස්ථභාවය මීටරයකට වඩා වැඩි පරතරයක් පවත්වා ගැනීම යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංයශයේ මධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මීටර් එකහමාරක හෝ දෙකක දුරස්ථභාවයක් තබා ගැනීමට දැන් සමාජයට සිදුව ඇති බවය.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ “අලුත් වෛරස් ප්‍රභේදයත් එකක් දුරස්ථභාවය දැන් මීටර් එකහමාරක් දෙකක්වත් වෙන්න ඕනේ කියලා තමයි විශේෂඥවරු කියන්නේ. දෙයියන්ගෙ ලෙඩ හැදුනා වගේ වෙන්වෙලා ගෙදර ජීවත් වෙනවා නම් කොවිඩ් අනෙක් අයට බෝ වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මානව ප්‍රජාවගේ හැසිරීම තමයි කොවිඩ් පැතිරීම කොහොමද වෙන්නෙ කියලා තීරණය කරන්නේ. මේ රෝගය පැතිරීම වැළැක්වීමේ ප්‍රධාන කාර්ය තියෙන්නේ මහජනතාව වන ඔබත් මමත් අතර,” යනුවෙනි.

Related posts

වරාය නගරයට රෝහලක්

Admin

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday

හරීන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි. | හදිස්සියේ අසනීප වී රෝහලට. | සුව දුක් බලන්න සජිත් යයි

colombotoday

අවුරුදු 10ක දියණියකට බරපතළ ලිංගික අතවර කළ ගුරෙක් අත්අඩංගුවට

Admin

ජනපති මෛත්‍රී විදේශගත වෙයි…

colombotoday

ජනපති අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday