Colombo Today Local NewsCovid 19

කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 කට ගිහින්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 ක පමණ කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු සැරිසරා ඇති බවට හඳුනාගැනීමෙන් පසු ඊයේ (10)දින රාත්‍රීයේම ආර්ථික මධ්‍යස්ථානය විෂබිජහරණය කිරීමට කටයුතු කර තිබේ.

බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඇසුරු කළ බවට හඳුනාගෙන ඇති දිවුලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ ලොරි රථයේ රියදුරාගේ PCR පරීක්ෂණ සෞඛ්‍ය අංශ විසින් සිදුකර ඇත.

එහිදී ඔවුන් දෙදෙනා කොවිඩ් -19 ආසාදිතයින් බව හඳුනාගැනීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

අදාළ කොවිඩ් රෝගීන් දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 100ක අධික පිරිසකගේ PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි ලබාගැනීමට සෞඛ්‍ය අංශ මේ වනවිට කටයුතු කරමින් සිටී.

Related posts

කොරෝනා බවට සැක රෝගීන් 29ක් රෝහල්වල !

colombotoday

කුරාණයට අපහාස කිරීමේ චෝදනා මත ඥානසාර හිමි අලුත්කඩේ අධිකරණයට

colombotoday

අළුත්ගම ගිය ඥාණසාර හිමිට ප්‍රභූ ආරක්ෂාව !

colombotoday

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday

නව කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ..

Admin

ෂෙයික් අබ්දුල් කලීඩ්ගේ ඩයලොග් සමාගමේ ගසා කෑම – ඩෑන් ප්‍රියසාද්

colombotoday