Colombo Today Local NewsCovid 19

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

මෙරට රුසියානු සමූහාණ්ඩු තානාපති යූරී බී. මතේරිව් මහතා සමග රාජ්‍යතාන්ත්‍රික සුහද හමුවක් වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදාකළමනාකරණ රාජ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතර පසුගිය 14 දින අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වෛරස මර්ධනය සදහා රුසියානු රජය විසින් සංවර්ධනය කරනු ලැබූ “ස්පුට්නික්” එන්නත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සදහා අපනයනය කිරීමේ ඉඩකඩ පිලිබඳව සාකච්ඡා කල අතර අන්තර්ජාතික මට්ටමේ නව තාක්ෂණික විමර්ශන ක්‍රමවේදයන් පිලිබඳ උසස් පාඨමාලා අන්තර්ජාලය හරහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ලබාදීමටද එකඟතාවය තානාපතිවරයා පල කරන ලදී.

දීර්ඝ ඉතිහාසයක් සහිත දෙරට අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සුහදත්වය තුල තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් රුසියානු සමූහාණ්ඩුව පෙනී සිටින බව තහවුරු කල අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේත් ස්තූති පූර්වක සුභාශිංසනය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පළ කරන ලද.

Related posts

පස් කන්දක් කඩා වැටී බදුල්ල – කොළඹ මාර්ගය වැසේ

Admin

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ 7ක් දැලේ

colombotoday

ගල්කිස්සේ පාටිය ගැන හෝටලයෙන් නිවේදනයක්

Admin

“රක්නා ලංකා” සමාගම, ඇමති ධම්මිකගේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට

colombotoday

යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි කරලා | පොලීසියට පැමිණිල්ලක්.

colombotoday

සූදු කෙලි යුද හමුදාවේ සිව් දෙනකු ඇතුළු 15ක් අත්අඩංගුවේ

Admin