Colombo Today Local News

කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම් – පවිත්‍රාදේවී

කොරෝනා වෛරසයෙන් රට බේරාගැනීම සඳහා තමන් මුහුදට හෝ බිලිවීමට සූදානම් යැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

අද පාර්ලිමේන්තුවේ දී ඇය මේ බව කියා සිටියේ තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පලවන විවේචන සම්බන්ධයෙන් අදහස් පල කරමිනි.

කොරෝනා මර්දනය සඳහා තමන්ට විවිධ ආගමික පාර්ශ්වයන්ගෙන් සිදු කෙරෙන ඉල්ලීම්වලට කන් දෙන බවත් ඒවාට සහභාගි වීමට ද සිදු වන බවත් ඇය සඳහන් කළාය.

එසේම පසු දිනක සිදු කල ආගමික කටයුත්තක් සමච්චලයට ලක් කරමින් ඇති බවද පැවසූ ඇය තමන් මුහුදට බිලි වී හෝ කොරෝනාවලින් රට නිදහස් වන්නේ නම් හොඳ බව ද කියා සිටියාය.

තමන් මුහුදට බිලි වීමෙන් කොරෝනා තුරන් වන්නේ නම් තමන් එය කිරීමට කිසිදු පැකිලීමක් නොදක්වන බව ද ඇය තව දුරටත් පැවසුවාය.

Related posts

අස්වැසුම අයදුමට හැදුනුම්පත අනිවාර්යයි

Admin

අවම ඡන්ද ලක්ෂ 65ක් ලබාගැනීම අපේ ඉලක්කයයි !

colombotoday

මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදී ව්‍යපාරයක් ආරම්භ කරන්න යනවාද.. මට සැකයි ! – විජයමුණි සොයිසා

colombotoday

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

colombotoday

මහින්දගේ නායකත්වයෙන් පුළුල් පෙරමුණක්.. ඒකාබද්ධ විපක්ෂය සටනට සැරසෙයි

colombotoday

වසර 7ක් හරක් මස් නොතිබූ ඇඹිලිපිටියට හරක් මස් කඩයක්… භික්ෂූන් වහන්සේ විරෝධය දක්වති

colombotoday