Colombo Today Local News

කොටි සැමරුමට ඉඩ ඉල්ලූ පෙත්සම් 4ක් ප්‍රතික්ෂේපයි.

මිය ගිය එල්.ටී.ටී ඊ. සාමාජිකයන් සිහිපත් කරන මහවිරු සැමරුම පැවැත්වීමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් වූ පෙත්සම් 04ක් යාපනය මහාධිකරණය විසින් ඊයේ (20)දින ප්‍රතික්ෂේප කරනු ලැබීය. යාපනය මහාධිකරණයට ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණයක් සලකා බැලීමට බලතල නොමැති බව දන්වමින් එම පෙත්සම් ප්‍රතික්ෂේප කර තිබේ. මහවිරු දිනය සැමරීමේදී පොලිසිය විසින් ඊට බාධා කරනු ඇතැයි පවසමින් දෙමළ ජාතික මහජන පෙරමුණේ හිටපු සාමාජිකයකු විසින් අදාළ රීට් ආඥාව යොමු කර තිබූ බව වාර්තා වේ.

එම තැනැත්තා අදාළ රීට් ආඥාව ගොනු කර ඇත්තේ මිය ගිය එල්.ටී.ටී ඊ. සාමාජිකයකුගේ මවක විසින් මහවිරු දිනය සාමකාමී ලෙස හෝ සැමරිය යුතු බවට කරන ලද ඉල්ලීමක් අනුව යැයි ද පැවසේ. ඒ අනුව මහවිරු සැමරුම නැවැත්වීමට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි යාපනය, පේදුරුතුඩුව, කන්කසන්තුරෙයි, මල්ලාකම් සහ කිලිනොච්චිය යන පොලිස් ස්ථාන විසින් යාපනය මහාධිකරණය ඇතුළු සෙසු ප්‍රදේශයන්හි මහේස්ත්‍රාත් අධිකරණවලින් ඉල්ලීමක් කර තිබුණි.

Related posts

රාජ්‍ය ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට යයි !

colombotoday

උතුරු පයාගලදී පුද්ගලයකු කපා ඝාතනය කරයි

colombotoday

කොටි සමරන්න වෙල්ලමුල්ලිවයික්කාල් පැමිණි විග්නේෂ්වරන්ව පොලීසිය පන්නා දමයි

colombotoday

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡාක්

colombotoday

හම්බන්තොට මහ නගරසභාව එජාපයට

colombotoday

“අගමැතිට විරුද්ධ වෙන්න අපට බෑ” – විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප මතය එස්.බී. කියයි

colombotoday