Colombo Today Local News

කොටි ගණනක් අස්ථාන ගතවුවේ නෑ. දේවස්ථාන පිළිසකර කලේ ඒ සල්ලිවලින් – මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් නිවේදනයක්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි 120ක් අතුරුදන්ව ඇති බවට ඇතැම් පුද්ගලයන් කරන ප්‍රකාශ අසත්‍ය බව සංස්කෘතික කටයුතු ආමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනිමින් පවසන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යොමුකළ හැක්කේ විධිමත්ව සැලසුම්කළ ව්‍යාපෘති සඳහා පමණක් බවයි.

එසේම පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වූ කොච්චිකඩේ, කටුවපිටිය හා මඩකලපු දේවස්ථාන පිළිසකර කිරීම වෙනුවෙන් කෝටි ගණනක මුදල් යෙදවූයේ මධ්‍යම සංස්කෘතික අරමුදලින් බවත් එම නිවේදනයේ වෙයි.

මේ පිළිබඳව ඕනෑම පරීක්ෂණයකට විනිවිද භාවයෙන් පෙනී සිටීමට අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සභාපතිවරයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍යර රනිල් වික්‍රමසිංහ මහතා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

සමනලවැව ජලාශය මත සූර්ය බලාගාර 02කට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

Admin

ස්වාධින වූ පක්ෂ එක්ව නව සන්ධානයක් හදයි

colombotoday

ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපති සහ මධ්‍යම ආණ්ඩුකාර අතර හමුවක්

colombotoday

සිරගෙට යනවිට සිවුරු ගලවා දැමිය යුතුයි – තලතා යලිත් පුප්පයි

colombotoday

ආපන ශාලා සංගම් සභාපතියැයි කියන කැන්ටින් අසේල අලෙවිසලක යකා නටයි

colombotoday

නයන වාසුලගේ දේහය කේ. සුජීවාගේ දියණියන් බාර ගනී

Admin