Colombo Today Local News

කොටදෙණියාව පොලීසියේ නීතිවිරෝධී වධකාගාරයක් ගැන පැමිණිල්ලක්

wadakagarayaකොටදෙණියාව  සේයා දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ පොලිස් විමර්ශනවලදී ගම්වැසියන් ගෙන ගොස් පහර දුන්නේයැයි කියන කොටදෙනියාව වෙඩිබෙහෙත් වත්තේ ‘වධකාගාරයක්‘ ගැන විමර්ශනය කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය.

දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ පොලිස් විමර්ශනවල දී පාසල් සිසුවා හා එක්දරු පියාට අමතරව තවත් දස දෙනකු පමණ නීති විරෝධීව අත්අඩංගුවට ගෙන ලේඛන ගත නොකර නිදහස් කර ඇතැයි ද, බොහෝ දෙනකු නිරුවත් කර ඇතැයි ද එම පෙත්සමේ සඳහන්ය.

කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් උදයකුමාර, සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම, පොලිස්පති එන් කේ ඉලංගකෝන්, නීතිය හා මහජන සාමය අමාත්‍යංශයේ ලේකම්, ඇමැති තිලක් මාරපන, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී එහි වගඋත්තරුකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

Related posts

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

රාජපක්ෂ පාලනයට සාගලගෙන් තවත් චෝදනාවක්

colombotoday

විදුලි බලාගාර වලට ගල්අඟුරු ගන්න මුදල් ඉල්ලයි

Admin

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

colombotoday

අසාද් සාලිට හෘදයාබාධයක් | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ජාතික රෝහලට යවයි.

colombotoday

නවීන්ගේ මව ශ්‍රීමා දිසානායක මැතිණිය අභාවප්‍රාප්ත වේ

colombotoday