Colombo Today Local News

කැෆේ සංවිධානයට ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් ඇතුළු පැමිණිලි 67ක්

මහ මැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද (05) උදෑසන 7 සිට මේ දක්වා සිදුවීම 67ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කළේ, මේ අතරින් වැඩිම ප්‍රමාණය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ බවය.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු, සයින්දමරුදු කල්මුණේ ප්‍රදේශවලින් ප්‍රචණ්ඩ ක්‍රියා 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණය පිළිබඳව විමසීමේ දී අද පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ වීම මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබෙන බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා කැෆේ සංවිධානය නිරීක්ෂකයින් 2200ක් යොදවා ඇත.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළෙඳපොල කඩා වැටෙයි

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

මේ ආණ්ඩුව හොරකමක් කියල කළේ බැදුම්කර හොරකම විතරයි – ෆොනී

colombotoday

ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් සිදුකරන සංවිධානාත්මක ඉඩම් මංකොල්ල කෑමක් ගැන හෙළිදරව්වක්

colombotoday

විමල්ට ඇප ගන්න අජිත්ගෙන් කොන්දේසි

colombotoday

IMF නියෝජිතයින් හා ජනපති හමුව අද

Admin