World

කැතේ පැසිෆික් සේවකයින් 8500කට රැකියා අහිමි වේ

තම ගුවන් සමාගමට අයත් සමාගමක් වන කැතේ ඩ්‍රැගන් සමාගම වසා දැමීමට තීරණය කළ බව කැතේ පැසිෆික් ගුවන් සමාගම නිවේදනය කරයි.

ඒ අනුව, එහි රැකියාවේ නියුතු 8,500 දෙනෙකුට රැකියා අහිමිවන බව විදෙස් මාධ්‍ය පවසයි.

කැතේ ඩ්‍රැගන් ගුවන් යානා ප්‍රධාන වශයෙන් චීනයට සහ තවත් ආසියානු රටවල් කිහිපයකට සේවා සැපයීය.

හොං කොං හි මුලස්ථානය පිහිටි කැතේ පැසිෆික් සමාගම පවසන්නේ මව් සමාගම සතු යානා ඉන් සමහර ගමනාන්ත සඳහා යොදවන බවය.

ලොව පුරා පැතිර ඇති කොවිඩ් -19 වසංගතය හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් උග්‍ර මූල්‍ය අපහසුතාවලට පත්ව සිටී.

සේවකයින් සඳහා විශේෂ නිවාඩු ක්‍රමවේද හඳුන්වාදීම, විධායක නිලධාරීන්ගේ වැටුප් අඩුකිරීම සහ ගුවන්යානා මිලදීගැනීම පමා කිරීමෙන් වියදම් අඩුකර ගැනීමට එම සමාගම මේ වන විටත් කටයුතු කර තිබේ.

එසේම හොං කොං රජයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක මූල්‍ය ප්‍රතිපාදනයක් කැතේ සමාගමට පසුගිය ජුනි මාසයේදී ලැබුණි.

එහෙත්, එම ගුවන් සමාගම මාසිකව ඩොලර් මිලියන 60ක පාඩුවක් ලබයි.

Related posts

ෂාරුක් ඛාන්ට මරණ තර්ජන

Admin

ජනප්‍රිය බොලිවුඩ් ගායක KK මිය යයි

colombotoday

නවදිල්ලියේ වායු දූෂණය මඩින්න කෘත්‍රිම වැසි

Admin

නීතිවිරෝධී උද්ඝෝෂණ තීරණාත්මකව මඩින්න බ්‍රිතාන්‍ය අගමැති පොලිසියට බලය දෙයි

Admin

සීමා ලිහිල් කල චීනයේ නගර කිහිපයකින් නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි.

colombotoday

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday