Colombo Today Local News

ක්‍රිකට් හොම්බෙන් යද්දී ලොක්කන්ට රථ ගාය වැළදේ.. කෝටි 10ක සුපිරි ජීප් රථ 08ක් ගෙන්වයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා (Cheif Executive Officer), ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා (Cheif Operating Officer) ඇතුළු අනෙකුත් අංශ ප්‍රධානීන්ගේ ප්‍රයෝජනය සඳහා රු. ලක්ෂ 1080ක් (රු. කෝටි 10කට වඩා) වටිනා ප්‍රංශයේ නිෂ්පාදිත ආසන 07ක් සහිත සුපිරි පර්ජෝ ජීප් රථ 08ක් ගෙන්වීමට පියවර ගෙන තිබේ. මෙහි එක පර්ජෝ රථයක මිල වනුයේ රු. ලක්ෂ 135කි.

මේ වනවිට එහි මූලික අදියර වශයෙන් රු. ලක්ෂ 135 බැගින් වන සුපිරි ජීප් රථ (Peugeot 5008 SUV GT Line 1.6L Turbo Petrol-2018) 04ක් ගෙන්වා ඇති අතර, එහි එන්ජිං ධාරිතාව ලෙස සටහන් වන්නේ 1600සී.සී.-2000සී.සී. වශයෙනුයි.

මෙම සුපිරි ජීප් රථ මෙරටට ගෙන්වා ඇත්තේ හිටපු පරිපාලනය යටතේ ලබාදුන් තීන්දුවකට අනුවයි. එහි ටෙන්ඩරය ගොස් තිබෙනුයේද හිටපු පරිපාලනයේ ප්‍රධානියෙකුගේ ඥාතියෙකුගේ සමාගමකටය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට සහ මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ පරිපාලන අංශ ප්‍රධානියාද මින් සුපිරි ජීප් රථ ලබාදීමට නියමිත බව අනාවරණය වේ.

මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ පරිපාලන අංශ ප්‍රධානියා මෙම ජීප් රථය ලබාගෙන ඇත්තේද නිසි අවසරයකින් තොරව බවද වාර්තා වේ. ඊට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු තරග විකාශන මුදල් වෙනත් ගිණුමකට මාරු කිරීමට උත්සාහ කළේ යැයි එම වරදට චුදිතයෙකුවී සිටින මූල්‍ය අංශයේ ප්‍රධානියාට ගෙනා ජීප් රථය පරිපාලන අංශ ප්‍රධානියා ලබාගෙන තිබීම හේතුවෙනි.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා රාශියක් සිදුව ඇති බව හෙළිවන අතර, එවැනි පසුබිමක් මධ්‍යයේ ක්‍රිකට් ආයතනයේ ලොක්කන්ට සැප වාහන ගෙන්වීම සම්බන්ධයෙන් සේවකයන්ගේ බලවත් විරෝධය එල්ල වී තිබේ.

Ada.lk

Related posts

ජනපති සිරිසේනටනම් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න දෙන්නෙම නෑ…

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

ආචාර්ය සමන් වීරසිංහ කැලණිය රජමහා විහාරයට රන් කුඩයක්” පුජා කරයි.

colombotoday

ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ මාධ්‍ය ලේකම් භික්ෂූන් වහන්සේලාට අපහාස කරයි

colombotoday

තාවකාලිකව වසා දැමු කරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යලි විවෘත කරයි

colombotoday