Colombo Today Local News

කල්මුණේ දෙනව කියල අගමැති කිවුවා දෙමළ ජාතිකයෙකු නැගෙනහිර මහ ඇමති කරන බවත් එතුමා කිවුවා- කරුණා

ජනාධිපති මෙන්ම අගමැති තමන් සමග හොඳ සම්බන්ධතා ඇති බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධතා භාවිතයට ගෙන සම්පත් ලබාදීම සඳහා තමනට බලය ලබාදෙන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සමන්තුරේ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

එළැඹෙන පළාත් සභා මැතිවරණයෙන් පසු නැගෙනහිර පළාත සඳහා දෙමළ ජාතිකයෙකු මහ ඇමති කරන බව මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පොරොන්දු වූ බවද ඔහු පැවසුවේය.

කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලබාදෙන බව කල්ලඩිහිදී පැවති රැස්වීමේදී පැවසූ බවත් අගමැති තුමා කිව්වොත් ඒ දේ කරන බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

Related posts

රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි

colombotoday

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කර අවසන්

Admin

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

සිංහල කාන්තාවන් වඳ කිරීමේ කුමන්ත්‍රණය ඥානසාර හිමි හෙළි කරති.

colombotoday

මෙහෙම විකාර වැඩ කරන ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ

Admin