Colombo Today Local News

කරංගොඩදී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

රත්නපුර, කරංගොඩ ප්‍රදේශයේ දී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

එහිදී සැකකරු සතුව තිබී බෝර 12 ගිනි අවියක්, එම වර්ගයේ සජීවි උණ්ඩ 04ක් සහ ජීව අත්බෝම්බ 02ක් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි කරංගොඩ ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (15)දින රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රත්නපුර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

යාපනයේදී කේරළ ගංජා කිලෝ 185ක් පොලිස් විශේෂ කාර්ය බලකාය වටලයි

colombotoday

නාලක සිල්වාට ඇප ඉල්ලූ පෙත්සම විභාග නොකරම ඉවතට

colombotoday

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන් දැවැන්ත විරෝධතාවක

colombotoday

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ… කටකතා පිටුපස ඇමතිවරයෙක්!

colombotoday

ගෝඨා විත්ති කූඩුවට නංවයි.. සොයුරා වෙනුවෙන් හිටපු ජනපති උසාවියට (VIDEO)

colombotoday

මන්නා පිහියකින් පියාට පහරදෙන්න ආ පුද්ගලයා ව පුතා ඝාතනය කරයි

colombotoday