Colombo Today Local News

කම්කරු මරණයකදී ගෙවන වන්දිය ලක්ෂ 20ක් දක්වා වැඩි කිරීමට යෝජනාවක්

වැඩබිමකදී හෝ රාජකාරී අවස්ථාවක දී හදීසියේ මිය යන කම්කරුවෙකු සඳහා වර්තමානයේ ගෙවන රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා මියගිය විට එම පවුල සම්පූර්ණයෙන්ම අසරණ වන බැවින් රුපියල් ලක්ෂ 05 ක වන්දි වෙනුවට එම වන්දි මුදල රුපියල් ලක්ෂ 20ක් දක්වා වැඩි කළ යුතු බව අමාත්‍යවරයා කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවේ දී පෙන්වා දී තිබේ.

මේ වන විට ගොඩගැසී ඇති කම්කරු වන්දි නඩු කඩිනමින් අවසන් කිරිමට නව ක්‍රියාමාර්ගයක් ද එහිදී යෝජනා කර ඇත.

මේ රටේ වැඩකරන පන්තිය වෙනුවෙන් විශේෂයෙන් පෞද්ගලික අංශයේ කම්කරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවට ඇමතිවරයා කළ යෝජනාවට පැමිණි සිටි පෞද්ගලික අංශයේ නියෝජිතයින් එකඟ වී තිබේ.

ඊට අමතරව පුද්ගලික අංශවලට ද ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවට වෘත්තීය සමිති නියෝජිතයින් කළ යෝජනාවට ඇමතිවරයා එකඟ වී ඇත.

එසේම සේවක අර්ථ සාධක අරමුදලේ සේව්‍යාගේ කොටස 15 % ක් කළ යුතු බවට කළ යෝජනාවට පිළිතුරු දෙමින් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, රටේ ආර්ථිකය ද රැකගනිමින් කම්කරු අයිතිවාසිකම් සුරැකිය යුතු බවයි.

Related posts

ජනපතිට “සිංහලේ“න් සැර ලිපියක්.. ශ්‍රීපාද අරාබි ඉදිකිරීම් සහමුලින්ම නවතනතුරු මාරාන්තික උපවාසයක්

colombotoday

පොළොන්නරුවේ ස්ත්‍රී දූෂණ 63 ක් : 10 ක් ම 16 ට අඩු දැරියන් !

colombotoday

සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑ

colombotoday

දෙමළ ජාතික සන්ධානයේ විරෝධතා ව්‍යාපාරයට දමිළ ජනතාවගේ විරෝධය

colombotoday

පුවත්පත් කලාවේදී ප්‍රදීප් කුමාර බාලසූරිය දිවි සැරිය නිමා කරයි

Admin

එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි දිවයිනට

colombotoday