Colombo Today Local News

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කොරෝනා පාලනයට නාවික අනුකණ්ඩයක්

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පැතිර යන කොරෝනා වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය අංශයට සහයවීමට නාවික හමුදාවේ අද්මිරාල් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ නාවික නිලධාරින් සිව්දෙනෙකු ඇතුලු නාවික භටයන් 25 දෙනෙකු කලාපය තුළම පූර්ණ කාලීනව සේවයේ යොදවා ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක (කලාප) එම්.කේ.ඩී.ලෝරන්ස් මහතා පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ විශේෂ ඉල්ලීම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නියෝගය ලබා දී ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කලාප 14 ක කර්මාන්ත ශාලා 279 ක සේවය කරන 34,675 ක පිරිසක් මේ වන විට පීසිආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක (කලාප) එම්.කේ.ඩී.ලෝරන්ස් මහතා වැඩිදුරටත් පවසා සිටියි.

මේ අනුව කටුනායන ආයෝජන කලාපයේ කම්හල් 75 කින් පුද්ගලයින් 14,159දෙනෙකු, බියගම කලාපයේ කම්හල් 55 කින් 9500දෙනෙකු, සීතාවක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 27 කින් 4,400ක පිරිසක් සහ ඉතිරි කලාප 11 කර්මාන්ත ශාලා තුළින් පුද්ගලයින් 6615 දෙනෙකු පීසීආර් පරික්ෂණය සදහා යොමු කර ඇති බව විධායක අධ්‍යක්ෂක වරයා සදහන් කළේය.

Related posts

නව ව්‍යවස්ථාවට ජනමත විචාරණ නෑ.. පාර්ලිමේන්තුවම එකතු වී සම්මත කරගන්නවා – චම්පික

colombotoday

අවුරුදු 15ක පාසල් දැරියක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට

Admin

විමල්ගේ නිවසින් මල සිරුරක් මතුවේ

colombotoday

පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

රනිල් හා දිනේෂ් රහස් පොලිසියට

Admin

අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකරට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගෞරව

Admin