Colombo Today Local News

ඔබ සරලයි.. සාමයට ලැදියි.. මගේ හදවතට සමීපයි.. පාප්තුමෝ ජනපතිට කියයි

ඉතාලියේ නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ (14) වතිකානුවේදී ෆ්‍රැන්සින් පාප්තුමා හමුවිය. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරවලින් හෙබි සුහදශීලී ජනතාවක් වෙසෙන ස්වාභාවික සෞන්දර්යයෙන් ද අනූන රටක් ලෙස තමා දකින බව පාප්තුමෝ කීහ.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ සාමය වෙනුවෙන් ජනාධිපති ගෙන යන වැඩපිළිවෙළට සිය ප්‍රසාදය පළ කළ පාප්තුමෝ ලෝකයේ දැනට සිදුවන දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා පරිසරය සුරැකීමේ වැදගත්කම ද පෙන්වා දුන්හ.

ලෝකයේ යුද්ධ සහ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සඳහා ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය යුද ආයුධ නිෂ්පාදනය නතර කිරීම බව අවධාරණය කළ පාප්තුමෝ සරල දිවි පෙවෙත සහ සාමය සඳහා කැප වූ නායකයකු ලෙස ජනාධිපති සිරිසේන මහතා පිළිබඳව සමීප ලෙන්ගතුකමක් තම හදවතට දැනෙන බව ද සඳහන් කළහ.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික ඇමැති ජෝන් අමරතුංග, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ක්‍රිස්තියානු කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා යන මහත්ම මහත්මීන් මේ ගමනට එක්ව සිටියහ.

Related posts

නුවරඑළියේ ජනතාවත් පාරට බසී

colombotoday

බුද්ධි අංශ හෙළිදරව් කරද්දීත් ලංකාවේ ISIS ත්‍රස්තයන් නැතැයි කියන NGOවේ පැටිකිරිය මෙන්න

colombotoday

“භික්ෂු කතිකාවත් පනතෙන් ශාසනයට නව ජීවයක් දෙනවා” මල්වතු මහානාහිමි

colombotoday

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදිමේ ආයතන පිහිටුවීමට තීරණයක්….

Admin

රටේ තත්වය බරපතලයි – ලක්ෂ 65ක්‌ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවෙන් – ජනපති

colombotoday

Update: රාත්‍රී 9 සිට උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ඇඳිරිනීතිය

colombotoday