Colombo Today Local News

එජාපය යැවූ වැඩබලන ඇමතිවරුන්ගේ නම් ජනපති ප්‍රතික්ෂේප කරයි

කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතිකේෂප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ඒ හේතුවට ජනාධිපතිවරයා, එම අමාත්‍යංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වැඩබලන ඇමැතිවරුන් ලෙස පත්කරනු ලැබ ඇති බව වාර්තාවේ.

රාවුෆ් හකීම් මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන කැබිනට් ඇමැති ධූරයෙන් ද, කබීර් හෂීම් මහතා මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ධූරයෙන් ද, රිෂාද් බදියුදීන් මහතා කර්මාන්ත වානිජ දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම් සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධූරයෙන් ද , අබ්දුල් හලීම් මහතා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති ධූරයෙන් ද ඉකුත් දා ඉල්ලා අස්වුහ.

ඒ වෙනුවට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම හා රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් ද එම අමාත්‍යංශවල වැඩබැලීමට පත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ නම් ජනාධිපතිවරයා වෙත ඉකුත් දා යවා තිබිණි.

එය ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපතිවරයා කර්මාන්ත වානිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා වැඩබලන, කර්මාන්ත හා වානිජ දිගුකාලින අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැතිවරයා ලෙස ද නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා, වැඩබලන නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ද ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය, වැඩබලන මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙසද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ බව වාර්තා විය.

ඒ අනුව එම තිදෙනා ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා ඉදිරියේ පෙරේදා (10) දිවුරුම් දුන්හ.

මේ තතත්වය තුළ ජනාධිපතිවරයාත්,ආණ්ඩුවත් අතර දේශපාලන අර්බුදය තවත් උග්‍රවී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Related posts

ප්‍රබල ඇමති මහ නුවර වැව රවුමෙන් කෝටි 250ක ඉඩමක් ගන්න යයි…

colombotoday

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පන්දම් අරගෙන විරෝධතාවයේ

colombotoday

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

Admin

සමලිංගික පෙම දෙදරයි, “පෙම්වතාට” පිහියෙන් ඇන “පෙම්වතා” වස බොයි

colombotoday

“දකුණේ බලය මහින්දට නිසා ව්‍යවස්ථාව මග නවතී.. ෆෙඩරල් දැන් සිහිනයක්“ – සුමන්තිරන්

colombotoday

ඥාණසාර හිමි ඉන්නා තැන ගැන හිටපු ඇමතිගෙන් පොලීසියට ඔත්තුවක් !

colombotoday