Colombo Today Local News

“එකොළොස් වෙනිදා එජාප ප්‍රබලයෙකු සමග තවත් කණ්ඩායමක් පොහොට්ටුව එක්ක එකතුවෙනවා”

අගෝස්තු මස එකොළොස් වෙනි දින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු සමග තවත් කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සමග එකතු වීමට තීන්දු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා

ඒ, පොදුජන පෙරමුණ පක්ෂ කායාලයේ පෙරේදා (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරට සියලු දේශපාලන හා සිවිල් සංවිධාන බලවේග ඒකරාශී කරගනිමින් එහි මූලික පියවර අගෝස්තු මස එකොළොස් වැනි දා සවස 3.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරන බවයි.

රට ඉදිරියට ගෙන යා හැකි නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් එහි දී ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙරට නැතිවුණු ප්‍රජාතන්ත්‍රවාදය හා ආරක්ෂාව නැවතත් මෙරටේ තහවුරු කරනා බවයි.

එහිදී ඒ මහතා විශේෂයෙන් කියා සිටියේ 2015 ජනවාරි 08 වන දින නතර වුණු අපේ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම තම පක්ධයේ බලාපොරොත්තුව බවත් අගෝස්තු එකොළොස් වැනි දින පැවැත්වෙන සමුළුවෙ දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු සමග තවත් කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සමග එකතුවීමට නියමිත බවයි.

Related posts

සිරගෙට යනවිට සිවුරු ගලවා දැමිය යුතුයි – තලතා යලිත් පුප්පයි

colombotoday

අම්මගේ 21හැවිරිදි පෙම්වතා අවුරුදු තුනහමාරක දරුවාට පහර දී මරා දමලා

Admin

සජබ ට සහය වූ වලල්ලාවිට මන්ත්‍රී කණ්ඩායමත් නැවත එජාපයට එක් වෙයි

colombotoday

චම්පිකට අගමැති වෙන්න ITN එක මට දෙන්න – ඇමති චම්පිකගේ ගෝලයා ITN වනසන ලකුණු

colombotoday

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

colombotoday

අඩු ආදායම් ලබන ජනතාවට හැම සහනයක්ම දෙනවා – දිනේෂ් ගුණවර්ධන

Admin