Colombo Today Local News

උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ උපකාරක පන්ති මෙම මස 29 වැනිදා සිට යළි ආරම්භ කරන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසයි.

රජයේ සහ සෞඛ්‍ය අංශයන්හි නිර්දේශ අනුව උපකාරක පන්ති ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි එම සංගමයේ මාධ්‍ය ඒකක ප්‍රධානී තිරංජය ගම්ලත් මහතා පැවසීය.

මෙහිදී සිසුන් අතර මීටරයක පරතරයක් තබාගැනීම හා මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය බව ද ගම්ලත් මහතා සඳහන් කළේය.

සෞඛ්‍යාරක්‍ෂිත පන්ති කාමරයක් නිර්මාණය කිරීම සඳහා ද සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය මගින් විධිමත් වැඩසටහන් ගණනාවක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

Related posts

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

Admin

ජාතික විගණන පනත ව්‍යවස්ථාවට පටහැණියි… කතානායක පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිත පිරිසක් ජනපති හමුවෙති

colombotoday

ඇමති දෙපළකට එරෙහිව ශ්‍රීලනිපයෙන් කැරැල්ලක් !

colombotoday

ෂැංග්‍රීලා හෝටලය වසා දැමේ…

colombotoday

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday