Colombo Today Local News

උතුරු – නැගෙනහිර ඉඩම් 2019ට පෙර නිදහස් කරන්න – ජනපතිගෙන් උපදෙස්

උතුරු – නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් අනිවාර්යයෙන්ම එම ජනතාවට ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

ඔහු පැවසුවේ, සියලූ ගැටළු නිරාකරණය කර ගනිමින් මෙම දෙසැම්බර් 31 වනදාට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම උපදෙස් ලබා දුන්නේ උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය තුන්වන වරටත් ඊයේ පස්වරුවේ රැස් වු අවස්ථාවේදිය.

එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ විධිමත් කාල රාමුවක් සකසා ගනිමින් අදාළ වැඩපිළිවෙළ දියත් කර එහි ප්‍රගතිය ලබන මස පැවැත්වෙන උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිඳ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමට ඉදිරිපත් කරන ලෙසය.

Related posts

ජනපති අල්ලස් කොමිසම පත් කරයි

Admin

දඹුල්ලේ සියලු පාසල් හෙට සිට සතියකට වැසේ

colombotoday

කොරෝනා මරණ ආදාහනය සඳහා ශ්‍රී ලංකාවේ කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට පටන් ගනී

colombotoday

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

බත්තරමුල්ලේ වෙඩි තැබීමක්

Admin

ඇමති ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

Admin