Colombo Today Local News

උඩුදුම්බර කාශ්‍යප හිමියන් ආරම්භ කල උපවාසය අවසන්

ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙස රජයට බල කරමින් උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ කර තිබූ සුළු මොහොතකට පෙර අවසන් කළහ.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් මෙම ගිවිසුම මැතිවරණයට පෙර අත්සන් නොකරන බවට ලිඛිතව ලබාදුන් පොරොන්දුවක් හිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක විසින් රාත්‍රී 11ට පමණ උපවාසයේ නියුතු උඩුදුම්බර කාශ්‍යප හිමි වෙත ලබාදීමට කටයුතු කිරීමෙන් පසු උන්වහන්සේ උපවාසය අත්හැර දැමීමට කටයුතු කරන ලදි.

සෙත් පිරිත් දේශනා මධ්‍යයේ උන්වහන්සේ ඊයේ (5) උදැසන උපවාසය ආරම්භ කරමින් එම්.සී.සී. ගිවිසුව අහෝසි කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරන තෙක් උපවාසයේ නිරත වීමට අපේක්ෂා කරන බව පැවසීය.

Related posts

පොලිස් නිලධාරීන් 21කට ස්ථාන මාරුවීම්

colombotoday

මාලිගාවත්තේ නිවාස සංකීර්ණයක හුදකලා බවින් ඉවතට

colombotoday

පුංචි මන්ත්‍රීන් ඉල්ලූ වචනය මහින්ද දෙයි… තීරණාත්මක යෝජනා 5ක් සම්මත කරගනී

colombotoday

ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් සෝභිත හිමියන් ඉවත් වෙයි

colombotoday

සීලරතන හිමියන්ගෙන් සජිත්ට දැඩි ප්‍රහාරයක් (Video)

colombotoday

දර්ගා ටවුමේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරියෙකුට ප්‍රහාරයක්

colombotoday