World

ඉන්දීය හා චීන හමුදාව යළි ගැටෙයි

ඉන්දීය හමුදාව සහ චීන හමුදාව අතර ලඩාක් ප්‍රදේශයේ දේශ සීමාවේ යළි ගැටුමක් සිදු ව තිබේ.

පසුගිය 29 සහ 30 දිනවල රාත්‍රී කාලයේ අදාළ ගැටුම් හටගෙන ඇති බව වාර්තා වේ.

එම ගැටුම් සඳහා ද ගිනි අවි භාවිත කර නොමැති අතර සිදුවු හානි පිළිබඳවද මෙතෙක් අනාවරණය වී නැත.

දෙපාර්ශවය අතර එකඟතා බිඳ දමමින් චීන හමුදා ක්‍රියාකාරීත්වය හේතුවෙන් ගැටුම් හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවුවද චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ චීන භට කණ්ඩායම් කිසිවටෙකත් ඉන්දීය දේශ සීමාවේ පාලන රේඛාව පසුකර නොමැති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් හමුදා අණදෙන නිලධාරීන්ගේ මට්ටමේ සාකච්ඡා මේ වන විට පැවැත්වෙන බව ඉන්දීය වාර්තා ප්‍රකාශ කළේය.

Related posts

ඉන්දියාවෙන් ලංකාවට පන්නන්න ගිය ගංජා කිලෝ 2090ක් මාට්ටු

Admin

ජාතික ධජයට අපහාස කළ හොංකොං ජාතිකයාට දඬුවම්

colombotoday

අමෙරිකාවේ විරෝධතාවයන්ට සහය පළ කරමින් ලොව රටවල් කිහියකම විරෝධතා

colombotoday

භූ කම්පනයෙන් අහිමි වූ ජීවිත ගණන 15,000 ඉක්මවයි

Admin

ආණ්ඩුව පළවාහරිනු.. හමුදා ආණ්ඩුවක් හදා රට බේරා ගනු – උද්ඝෝෂණ ඇරඹෙයි !

colombotoday

සනී ඩියෝල්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday