Colombo Today Local News

ඉන්දියාවෙන් රැගෙන ආ ලක්ෂ 600ක කහ තොගයක් බේරුවල වරායේදී ආරක්ෂක අංශ භාරයට

නීතිවිරෝධීව බහුදින ධීවර යාත‍්‍රාවකින් මුහුදු මගින් බේරුවල ධීවර වරායට ඉන්දියාවේ සිට රැගෙන ආ කහ කිලෝග්‍රෑම් 2230 ක් සමග එක් සැකකරුවෙකු අද නාවික හමුදාවට අයත් වෙරළාරක්‍ෂක නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් කහ තොගය අතර කහ කුඩු කිලෝග්‍රෑම් 1160 ක් සහ කහ කැබලි වශයෙන් කිලෝග්‍රෑම් 1070 ක් තිබු අතර ඒවා පොලිතින් බෑග් 90 ක අසුරා තිබී ඇත.

ඉකුත් අගෝස්තු 08 වන දින මෙම බහුදින යාත‍්‍රාව බේරුවල ධීවර වරායෙන් මසුන් ඇල්ලීම සඳහා ධිවරයින් 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දියඹ මුහුදට පිටත්ව ගොස් නැවත ඊයේ (02)දින එම යාත‍්‍රාව බේරුවල ධීවර වරායට පැමිණ තිබේ.

එම ධිවර යාත්‍රාවේ තිබු අල්ලන ලද මසුන් සමග නීති විරෝධීව රැගෙන ආ කහ තොගය ද යාත‍්‍රාවේ තිබී ඇති අතර මසුන් තොගය අලෙවි කිරීමට කටයුතු කර තිබෙන බවත් අද දින මෙම කහ තොගය කොටස් වශයෙන් ත‍්‍රීරෝද රථයක පටවා වරාය පරිශ‍්‍රයෙන් පිටතට රැගෙන යාමට කටයුතු කිරීමේ දී නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බළකායේ නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු එම බහුදින යාත‍්‍රාව දැඩි පරීක්‍ෂයට ලක් කිරීමේදී එහි සඟවා තිබු අනෙක් කහ තොගය සොයා ගැනීමට සමත්ව ඇත.

මෙම ධීවර යාත‍්‍රාවේ ගමන් කළ ධීවර කාර්මිකයින් බේරුවල සහ පයාගල පොලිස් වසම්වල පදිංචිකරුවන් බවත් ධීවර යාත‍්‍රාව කාන්තාවකට අයිති එකක් බවත් පරීක්‍ෂණ සිදු කරන බේරුවල පොලීසිය සඳහන් කරයි.

අද දින අත්අඩංගුවට ගත් ධීවර යාත‍්‍රාවේ ධීවරයෙකුගෙන් වෙරළාරක්ෂක අංශ සහ පොලීසිය තොරතුරු සටහන් කරගෙන එම යාත‍්‍රාව සහ සැකකරු රේගු නිලධාරින් භාරයට පත් කිරීමට නියමිත අතර සෙසු ධීවරයන් ද අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පත්වන බව පොලීසිය පවසයි. කහ තොගය කොටස් වශයෙන් රැගෙන යාමට පැමිණි ත‍්‍රීරෝද රථය ද වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් කහ තොගය මුහුදු මගින් රැගෙනවිත් රුපියල් කෝටි 6 කට ආසන්න මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් කහ තොගය අද පස්වරුවේ රේගු නිලධාරීන් භාර දීමට නියමිත ඇති අතර මසුන් අල්ලන මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කහ තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිත බව බේරුවල පොලිසිය සඳහන් කර සිටියි.

Related posts

අධිවේගයේ ගාස්තු තත්පර 8න් ගෙවන්න අලුත් ක්‍රමයක්

colombotoday

අනුර සේනානායකට ඇප !

colombotoday

උත්සව සමයේ සතොස සහන මල්ල අලුත් වෙයි – භාණ්ඩ වර්ග 20ක්

colombotoday

කොටවෙහෙර විහාරයේ කරඬු හොරු අල්ලන්න මහජන සහය පතයි

colombotoday

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

මුලතිව් කේපාපිලව් කැලෑවේ පිපිරිමක්

colombotoday