Colombo Today Local News

ඉන්දියාවෙන් එන ඔස්ට්‍රේලියාවට යන ලංකාවත් මැදිවූ කෝටි ගණනක මත්ද්‍රව්‍ය ජාවාරම

ශ්‍රී ලංකාව හරහා ඕස්ට්‍රේලියාවට යැවීමට සුදානම් කර තිබු කෝටි ගණනක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් තමිල්නාඩුවේ, රාමනාදන්පුරම් ප්‍රදේශයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සමස්ත ඉන්දියාවම වසා දමා ඇති පසුබිමක් මත මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පොලිසියට සාවද්‍ය තොරතුරු සපයා ඇඳිරි නීති බලපත්‍රයක් ද ලබා ගෙන ඇති බවට කරුණු හෙළිව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රවය අතර මෙත්මෙටමයින්, හෙරොයින්, එක්ටසී ඇතුළු මත්ද්‍රව්‍ය තොග රැසක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10 කට අධික බවත් මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව මෙම සැකකරුවන් සතුව තිබී ජංගම දුරකථන 30ක්, යතුරුපැදි දෙකක් සහ මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට යැවීමට සුදානම් කොට තිබු බෝට්ටුවද සිය භාරයට ගැනීමට ඉන්දියානු පොලිසිය සමත්ව තිබේ.

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් ඉල්ලන දේ නොලැබුණොත් කරන දේ සම්බන්ධන් කියයි !

colombotoday

යුක්තියේ මෙහෙයුමට ත්‍රිවිද හමුදා සහය

Admin

පිළිකාකාරක පොල්තෙල් පිලිබඳ පරීක්ෂණයට නීතිපති උපදෙසින් විශේෂ කණ්ඩායමක්

colombotoday

මාතෘ භූමියේ සැමට සුබ නව වසරක් වේවා!

colombotoday

කොළඹ ඩෙංගු මඩින්න වොල්බැකියා මදුරුවන් මුදාහැරී

Admin

ශ්‍රී ලංකාවේ රෝහල්වලට ඖෂධ පරිත්‍යාග කරන්න මෙල්බර්න්හි සල්පිලක්

Admin