Colombo Today Local News

ඉන්දියාවට පනින්න ගිය රත්මලානේ රොහා පොලිස් වෙඩි පහරින් මරුට

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා” පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ඝාතනයට ලක්ව තිබෙනවා.

ඊයේ (23)දින රාත්‍රියේ දී මෙම පාතාල කල්ලි සාමාජිකයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට උත්සහ දරා ඇති බව වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගැනිමට යෑමේදී පොලීසියට වෙඩිතබා ඇති අතර පොලීසිය සිදුකළ වෙඩි තැබිමෙන් සැකකරු මියගොස් තිබේ.

අනතුරව සිදුකළ සෝදිසි කිරීමක දී සැකකරු සතුව තිබී ටී.56 ගිනි අවියක්, පිස්තෝලයක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 03ක මුදලක් සොයාගෙන තිබෙනවා. මොහු මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතන සහ මංකොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේ.

Related posts

ඉන්දියාවේ අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවේදී අල්ලයි

Admin

ඉන්දීය සංචාරකයන්ට මෙරට ගනුදෙනුවලදී තම රුපියල භාවිත කිරීමට හැකියි – මහ බැංකු අධිපති

Admin

කෝටියක කුඩු සමග කුඩු කප්පිත්තෙක් මාළිගාවත්තෙන් අල්ලයි

colombotoday

වෙඩික්කරුවෙකුට නවාතැන් දුන් බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට

Admin

“උතුර, නැගෙනහිර එක්කර ෆෙඩරල් ඕන” – විග්නේෂ්වරන්ගෙන් නව ව්‍යවස්ථාවට නිර්දේශ 3ක්

colombotoday

විජේදාස මිලියන 500ක් ඉල්ලද්දී ෆොන්සේකා මිලියන 5000ක් ඉල්ලයි, දෙන්නම නඩු යයි

colombotoday