Colombo Today Local News

ඉදිරි පැය 30 තුළ සුළි කුණාටු තත්වයක් ඇති වීමේ අවදානමක්

දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 06ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය ඉදිරි පැය 30ක කාලය තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතී.

මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් හෙට (24) දිනය වන විට දිවයිනේ ඊසානදිග වෙරළබඩ වෙත ළඟා වෙනු ඇත.

නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ප්‍රදේශවලට මි.මී 150ට වැඩි තද වැසි ඇති විය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

නැගෙනහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලත් විටින් විට පැ.කි.මී (60 – 70) පමණ වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වෙන බවත් සෙසු ප්‍රදේශවල පැ.කි.මී 40-50ත් පමණ තද සුළං ඇති වෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday

පාසල් සිසුන් ඉලක්ක කරගත් මත්පෙති තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

Admin

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක්

colombotoday

විමල්,උදය, වාසු පක්ෂ නායක රැස්වීමටත් නෑ…

colombotoday

කොවිඩ් කාර්ය සාධක බළකාය තීරණාත්මක සාකච්ඡාවක

colombotoday

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday