ArticlesColombo Today Local News

ඉතිහාසයේ අවසානය අභියස සංඝරාජ පරපුර

sangarajaඉංග‍්‍රීසි ආක‍්‍රමණිකයන් ලංකාව තුළ ඇති කළ කෝල්බෲක් සහ කැමරන් ප‍්‍රතිසංස්කරණයන්ගෙන් භූමියේ ස්වාභාවික ස්වරූපයද මානව ආකල්පද වෙනසකට ලක් කළේය. බෞද්ධ ඉගැන්වීම්වල ආකල්පද වෙනසකට ලක් කරන විහාරගම් දේවාලගම් නින්දගම් පනතද ආරම්භ කළේ ඔවුන්ය. විහාර දේවාල පාලනය හා අයිතිය සම්බන්ධයෙන් පුරාණයේ පැවති සම්ප‍්‍රදායන් ඉන් වෙනස් කළේය. වර්තමානයේ අප අත්දකින බුද්ධාගමත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අතරත් ඇත්තේ විශාල පරතරයකි. බුදු දහමේ මුල් ඉගැන්වීම් බුද්ධ පරිනිර්වාණය සමගම යම් විචල්‍යතාවයකට බඳුන්වීම නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මග පෙන්වීම යටතේ කිසියම් සම්මුතියක් තුළ ඉදිරියට පවත්වාගෙන යන්නට හැකි විය. වසර 100ක් වැනි කෙටි කාලයක් ඇතුළත මේ සම්මුතිය දෙදරා යමින් ඊට යම් යම් එකතුකිරීම් හා සංශෝධනයන් ඉදිරිපත් වීම නිසා ස්ථිවිරවාදීන් හා මහා යානිකයන් වශයෙන් බෙදීමකට ලක්විය. බුදුන් වහන්සේ පිරිනිවී වසර 236කින් පැලලූප් නුවරදී යළිත් වරක් ස්ථිවිරවාදීන් මහා සමුළුවක් අශෝක අධිරාජ්‍යයාගේ උවමනාව මත සිදු වීමෙන් පසු බුදු දහම පළමු වතාවට රාජ්‍ය අනුග‍්‍රහය ලද්දේය. බුද්ධාගම රාජ්‍යය ආගමක් බවට පත් කිරීමට බුදුන්වහන්සේ කිසිවිටෙකත් එකග නොවීය.

ගිහි ජීවිතයේ මිත‍්‍රයකු වූ බිම්බිසාර බුදුරජාණන් වහන්සේ වැඩමවා දහම් අසා පැහැදී තම රාජ්‍ය බලය යොදා මෙම දහම කෝසලය පුරා ස්ථාවරව ගොඩනැගීමට යෝජනා කරවන විට බුදුන් වහන්සේ ඊට විරුද්ධ විය. නිවන් මඟ තනි තනිව අවබෝධකොට ගෙන ධර්ම මාර්ගය තනි තනිව වටහා ගෙන කටයුතු කිරීම පුද්ගලයා සතු දෙයක් බවත් ඊට මග පෙන්වීම තමන් වහන්සේගේ සහ අනුගාමික භික්‍ෂු සංඝයාගේ කටයුත්තක් බවත් බිම්බිසාර රජුට පැහැදිලි කොට සොළොස් මහා ජනපදයන්හි දුෂ්කර චාරිකා කරමින් පොදු ජනයාට මෙම දහම වටහා දීමට උන්වහන්සේ කටයුතු කළසේක. කපිලවස්තුවේවත් කෝලියයන්ගේ රාමග‍්‍රාම රාජ්‍යයේවත් එය රාජ්‍ය ආගම වූයේ නැත. බුදුන් දවස ඉන්දියාවේ පැවති මගධ, කෝසල, වස්ස, අවන්ති, අංග, කාසි, වජ්ජි මල්ල, වේද, කුරු, පංචාල, මත්ස්‍ය, සුරසේන, අස්වක, ගාන්ධාර, කාම්බෝජ යන සොළොස් මහා ජනපදයන්හි එය රාජ්‍ය ආගම වූයේ නැත. එය රාජ්‍ය ආගමක් බවට පත් කරගන්නා ලද්දේ මෞර්යය අධිරාජ්‍යයේ උවමනාවන් උදෙසාය. කඩුවේ බලයෙන් ගොඩනැඟූ මෞර්යය අධිරාජ්‍ය ආධ්‍යාත්මික බලයෙන් ඇද බැඳ තබාගැනීමටය එසේ කළේ. ඒ යුද බෙරයේ හඩට ලංකාවේ තිස්ස යටත්වීමෙන් පසු මෞර්යය අධිරාජ්‍යයේ උපාධ්‍යය නාමය පැළඳ ගැනීම සඳහා දේවානම් පියතිස්ස රජු බවට දෙවන වර ආර්යය බ‍්‍රාහ්මන සම්ප‍්‍රදායේ රාජාභිෂේක මංගල්‍යයක් ද පැවැත්වීය.

බුදු දහම ප‍්‍රායෝගික ආගමක් බවට පෙරළාගන්නා ලද්දේ ලංකාවේ පමණි. අශෝක විසින් සිය අධිරාජ්‍යය බලය යොදා එදා පැවැති ශිෂ්ඨාචාර ලෝකයට යවන ලද ධර්ම දූත කණ්ඩායම් සියල්ලගෙන් වර්තමානය දක්වා නොනැසී පවතින්නේ ලංකාවේ පමණි. එහෙත් විශාල පසු බැසීම් හා පරිහානීන් ද සමගය. ලෝකෝතර දහමක් වූ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ලෞකික ආයතනයක් වූ රාජ්‍ය සමග කෙසේ නම් ගැළපේද? ලංකා ඉතිහාසය පුරාවට සෞභාග්‍යය පැවති කාලවකවානුවේත් පරිනාමික කාලයේත් සංඝයාගේ උපදේශාත්මක වැදගත් වීම හැර රාජ්‍යයට ඇතුළුවීමක් හෝ වෙනස් වීමක් නැත. මුලදී මහා විහාරය උත්තර විහාරය හා ජේතවන විහාරය ලෙස පැවති මූල විහාර තුන කැඞී බිඳී ගොස් මූල විහාර අටකට පරිවර්තනය විය. පරිහානිය ඒ සමගම අඩු විය. පොලොන්නරුව අතහැරීමත් සමග මේ මූල විහාර අට සමග සංඝාශාසනයද පරිහානිය කරා ගමන් කළේය.

සංඝ ශාසනය මුළුමනින්ම බිඳ වැටීගොස් අවසානයේදී අවාහ විවාහයන් සහිත ඝනින්නාන්සේලා බවට සංඝ ශාසනය පරිහානිය කරා ගමන් කිරීමට දේපල ගොඩගසා ගැනීමද අභ්‍යන්තර විනය පිරිහීමද එකසේ බලපෑවේය. සීතාවක රාජධානි සමයේ රජු අරිට්ඨ කී වෙන්ඩුගේ උපදේශකත්වයෙන් සංඝයා සමූහ වශයෙන් මරණයට පත් කිරීමෙන් පසු විශාල පරිහානීය කාල පරිච්ෙඡ්දයක් තුළ සංඝ ශාසනය වෙනුවට ඝනින්නාන්සේලාගේ කූඨප‍්‍රාප්තිය සිදුවිය. අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ දෘඪතර කැපවීම නොවන්නට යළි සංඝ ශාසනයක් ලංකාවේ ගොඩනැ ‍ෙඟන්නට ඉඩ හසර නොලැබෙනු ඇත. වැලිවිට සරණංකර හෙරණපාණෝ බුදු දහම ඉගෙන ගන්නා ලද්දේ සිය ගුරුවර. ගනින්වහන්සේගෙන් නොව ලෙව්කේරාළ නම් සිරකරුවෙකුගෙනි. දහම දන්නා වූ ඒ ම ඟ ගමන් කරන්නා වූ එකම භික්‍ෂුවක්වත් ඒ වන විට ඉතිරි වී නොසිටියේය. නායක්කර් වංශිකයන්ට රාජ්‍යත්වය ගොදුරු වී තිබූ යුගයක ඉන් රාජ්‍යත්වය මුදා ගැනීමට සිංහල නායකයන් සමග පැවතුන සම්බන්ධතාවයක් නිසා රාජ උදහසට ලක්ව සිරගත වීමකට පවා උන්වහන්සේට සිදු විය. ඉමහත් කැපවීමකින් රාජ අනුග‍්‍රහය පසුව ලබාගෙන සියම් රටෙන් (වර්තමාන තායිලන්තය) උපසම්පදා කර්මය සඳහා භික්‍ෂූන් වහන්සේ ලබාගෙන යළි සංඝ ශාසනය ප‍්‍රතිෂ්ඨාපනය සඳහා කටයුතු කළේ උන්වහන්සේය. අද ලංකාවේ ප‍්‍රධාන සංඝ සම්ප‍්‍රදාය වන්නේ සියමෙන් වැඩමවන ලද උපාලි හිමියන්ගේ ශාසන සම්ප‍්‍රදායයි. අපි එයට මහා විහාර වංශික ශ්‍යාමෝපාලී විහාර පරම්පරාව යයි නම් තබා ඇත. ප‍්‍රධාන මූල විහාර දෙකකි. අස්ගිරි හා මල්වතු උභය විහාර දෙක මුල් කොට ගත් විශාල පන්සල් සමූහයක් ඊට ඇතුළත්ය. එය මහා විහාර පරම්පරාවට අයිති වුවද එය අවිඡ්චින්නව නොපැවතියේය. එය විශාල විචල්‍යතාවනට බඳුන්ව බුදු පියාණන් දෙසූ අමා දහමේ ගැඹුරු පුරුෂාර්ථයන්ගෙන් මිදී එහෙත් වර්තමාන උරුමය අත්පත් කොට ගෙන සිටියි.

බුදු පියාණන් සිය මිත‍්‍ර බිම්බිසාර රජුගේ රාජ අනුග‍්‍රහය ප‍්‍රතික්‍ෂේප කොට ලෝකෝත්තර ඉගැන්වීමක් ලෙස ගොඩනැඟූ සංඝ ශාසන සම්ප‍්‍රදායන් වර්තමානයේ ඉවත් වී ඇත. මිහිඳු මාහිමියන් රජුට උපදේශාත්මකව මැදිහත් වෙමින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ද මහජනයාගේ හිතසුව පිණිසද අධ්‍යාත්මික ගමන් මඟ නිවැරදි කිරීම සඳහා සිදුකළ උපායමාර්ගික මැදිහත් වීම වෙනුවට වර්තමාන භික්‍ෂු නායකත්වය රාජ්‍යත්වයේ වැරදි ගමන් ම`ග ශක්තිමත් කරමින් සිටියි. උන්වහන්සේලා 1815 මාර්තු මස 02 වැනි දින සිදු කළ ඓතිහාසික පාවාදීම ශක්තිමත් කිරීමට ජේම්ස් සදර්ලන්ඞ් හා ඩොයිලිගේ මඟ පෙන්වීම යටතේ ඓතිහාසික ම ඟල් මඩුවට වඩමවන ලද කොබ්බෑකඩුව මල්වතු මාහිමියන්ගේ මග අනුගමනය කරමින් සිටියි. එය අසරණ සරණ සරණංකර සාදු චර්යාව නොවේ.

‘සිංහලේ රාජ්‍යය හා විශේෂයෙන් සම්බන්ධව ලංකාව පිළිබඳ ලිපි’ නම් කෘතියේ එදා උඩරට ආක‍්‍රමණය කළ ඉංගී‍්‍රසි හමුදාවේ කපිතාන්වරයකු වූ ඇල්. ද. බුෂ් මේ පිළිබඳව ඇසින් දුටු විස්තරය මෙසේ සඳහන් කොට ඇත. 1815 මාර්තු 02 දා මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ සිදුවීම් මහා විස්තරය නම් ශ්‍රේෂ්ඨ ආරාමයේ වැඩ සිටින බෞද්ධ මහ නායක තෙරණුවන් කැඳවාගෙන එනු ලැබූ සැටිද ආණ්ඩුකාරතුමන්ට මුණගස්වනු ලැබූ සැටිද සඳහන් කළ යුතුය. පස්වරු නමයට පමණ අධිකාරම්වරුද, දිසාපතිවරුද මහ නායක තෙරුන් බැහැ දැකීම සඳහා මහ විහාරයට යෑමටත් එතුමන් සභාවට වැඩම කරවා ගෙන ඒමටත් අවසර ඉල්ලූහ. ? දහයට පමණ බෙර (ඉන්දියාවේ ස්වදේශිකයන්ගේ බෙර* හොරණෑ කාහල හා කස හඬ මඟින් මේ සිත්ගන්නා උත්තමයාගේ පැමිණීම ප‍්‍රකාශිත විය. උඩරැුටියන්ගේ අදහස් සම්බන්ධයෙන් ඔහුගේ බලපෑම අපි හොඳින් දැන සිටියෙමු… මහ නායක තෙරුන් වහන්සේ සහ එතුමන්ගේ පිරිවර මගුල්මඩුවේ උතුරු දිගින් පිහිටි අත්‍යාලංකාර කණු විස්සක් මත දරා සිටින විශාල අලින්දයට පැමිණි විට ජෝන් ඩොයිලි හා ජේමිස් සදර්ලන්ඞ් යන මහතුන් විසින් පිළිගන්නා ලදි. මේ දෙදෙනාම සිවිල් සේවකයෝය. මහ නායක තෙරුන් වහන්සේ මේ මහතුන් දෙදෙනා විසින් ශාලාවේ ඉහළ කෙළවරේ තම පොදු හා පෞද්ගලික කාර්යය මණ්ඩලය හා එකල මහනුවර සිටි යුද සෙන`ගට අයත් නිලධාරීන් සමූහයක් විසින් පිරිවරනු ලැබූ සේනාධිපති බ‍්‍රවුන්රිග් උතුමානන් වෙත කැඳවාගෙන යන ලදහ.

මහ නායක තෙරුණුවෝ අවුරුදු හැත්තෑවක් පමණ හා උසින් අඩි පහමාරක් පමණ වූ පුරුෂයෙකි. එහෙත් බෙහෙවින් ගිලන්ව සිටි හෙයින් ගමන් කළේ අසීරුවෙනි. මේ නිසා තරුණ භික්‍ෂූන් දෙනමක් විසින් එතුමන්ට උපකාර කරයි. එතුමන්ගේ පිරිවරට අයත් භික්‍ෂූන්ගේ සංඛ්‍යාව අනූවක් පමණ විය. ශාලාවට පැමිණි ඔවුහු මැදින් විශාල ඉඩක් ඇති වන සේ දෙපසට බෙදී සිටියෝය. දිසාපතිවරුද එක් එක් පසට වී සිටි නමුදු බිත්තියට ඉතා කිට්ටුවෙන් සිටියහ. වියන බිම ශෝභන ලෙස කැටයම් කොට තිබුණු කණු ඇතුළු මුළු ශාලාවම සුදු කපු පිළියෙන් වසා (උඩුවියන් බැඳ වටතිර ඇද පාවඩ දමා* තිබුණේය. මේ සියලූම කටයුතු සම්බන්ධයෙන් සිංහලේ රාජ්‍ය හා ආචාර නීතිය අකුරටම පිළිපදින ලදි. සියලූම භික්‍ෂූහු එල්ලා වැටුණු මා හැ`ගි කහ සේද සිවුරු පොරවා ගෙන සිටියහ. මහ නායක තෙරණුවන්ගේ සිවුර කහ පැහැති විල්ලූද පිිළියෙන් නිමවන ලද්දකි. ඔවුහු තමන් ඉදිරියෙහි විජිනිපත බැගින් අල්ලාගෙන සිටියෝය. මේ එක් එක් විජිනිපතෙහි ඒ ඒ භික්‍ෂුවගේ තත්ත්වයට අනුව රනින් රිදියෙන් හෝ ලියකම් කළ පට පිළියෙන් නිම කොට තිබුණි. ඔවුන්ගේ හිස් මුඩු කරන ලද්දේය. එසේම වැසීමක් නොවීය. හැම දෙනම තම නියම තැනට පැමිණි විට ආණ්ඩුකාර උතුමානන් වහන්සේ ඒ රටේ සිරිත් චාරිත‍්‍ර හා ශිෂ්ඨ රීතීය අනුව කටයුතු කරමින් එතුමන්ගේ ශරීර සනීපය ගැන විචාරා ගමන වෙහෙසකර නොවී යැයි පතන බව කීය. (ඩොයිලි මහතා මගිනි. ඔහු එය සිංහලයට පෙරළා මොල්ලියගොඩ මහ අධිකාරම්ටත් ඔහු සිරුර ඉදිරියට නමා මහා නාහිමියන්ටත් පැවසුයේය.) මාහිමියෝ යටකී මඟින්ම ඒ කාරුණික විමසීම ගැන කෘතඥතාව පළකොට සේනාධිපති තැනට (බ‍්‍රවුන්රිග්ට) ශුභ ආශිර්වාද කළහ. ඉන් පසු සභාවේ අදහස එතුමන්ට දන්වන ලදි. ගිවිසුමේ බුද්ධාගම පිිළිබඳ කොටස එතුමාගේ අවධානයට විශේෂයෙන් යොමුකරන ලදි. සියලූම භික්‍ෂූහු සාවධානව කන් දී සිටියහ. මහ නායක තෙරනුවෝ වෘද්ධ භික්‍ෂූන් කහිපදෙනකු සමග මද වේලාවක් පහත් හ`ඩින් සාකච්ඡුා කිරීමෙන් පසු පහත සඳහන් පරිදි පිළිතුරු දුන්හ. එතුමා ඒ හැම දෙනාම වෙනුවෙන් දැන් පොරොන්දු වූ ආරාක්‍ෂාව ගැනද දැනටමත් ලබා දී ඇති ආරක්‍ෂාව ගැනද ආණ්ඩුකාරතුමන්ට ස්තූති කළේය. ළ`ගදී සිදු වූ වෙනස ගැන (රාජසිංහ රජු පලවා හැරීම) ඔවුන් සතුටු බවත් තම අවංක සහයෝගය සම්බන්ධයෙන් එංගලන්තයේ රජුට සහතික කළ හැකි බවත් පැවසූහ. මේ වෙනසට ප‍්‍රධාන වශයෙන් තුඩු දුන්නේ උතුමානන් වහන්සේගේ මෘදු සාධාරණ පාලනය හා අසරණයන් හා දුගීන් කෙරෙහි එතුමන් පෙන් වූ කරුණාවන්තකමය…” මැදියමේ දී මාහිමියෝ බැහැරට යාමට අවසර ඉල්ලූහ. මේ චාරිත‍්‍ර විධි මෙපමණ වේලාවක් ඉක්මවා යනතෙක් පැවති හෙයින් රාත‍්‍රී භෝජනය ගැනීමට අවස්ථාවක් නොමැතිව නිසි අපි ඉතා සතුටින් එතුමන්ට සුබ පැතීමු. අප වාදක කණ්ඩායමද ඔහුව පෙරටුව විහාරය කරා ගමන් කළහොත් මැනවයි එතුමෝ ඉල්ලා සිටියෝය. තුන් වන ලංකා රෙජිමේන්තුවේ (හැම දෙනාම කාපිරියෝය* තූර්ය වාදක කණ්ඩායම මේ සඳහා යොදවන ලදින් එය පැය ගණනක් නවත්වා ගන්නා ලදි. (සර් ජෝන් ඩොයිලි ලියූ සිංහලේ ආණ්ඩුක‍්‍රමය – ඇහැළේපොළ එච්. ඩබ්ලිව්. සෝමරත්නගේ පරිවර්තනයකි.)

එදා සමස්ත මහ විහාරයේ නායක හිමියන් වර්ණනා කළ බ‍්‍රවුන්රිග්ම 1818 දී ගම්පාළු ප‍්‍රතිපත්තිය අනුගමනය කරමින් ගහ කොළ සතා සිව්පාවුන් සහමුලින්ම විනාශ කරමින් විහාර ආරාම ගිනිබත් කරමින් සියලූ ගිවිසුම් අවලංගු කිරීමට ගතවූයේ අවුරුදු තුනක් තරම් කෙටිකාලයකි. එහි රඟ උඩරැුටියෝ හොඳින් අත්වින්දාහ. මොල්ලියගොඩ ඇහැළේපොළ මුරිසි දිවයිනේ පිටුවහලූන් ලෙස මරණයට ළ ඟා වූයේ මේ යුරෝපීය ජාතීන්ගේ වහසිබස්වලට රැුවටීම නිසාය. කොබ්බෑකඩුව නාහිමි ප‍්‍රමුඛ නාහිමිවරුන් මහනුවර මගුල් මඩුවේදී ඉංගී‍්‍රසි රජකුට හා ඔවුන්ගේ නිලධාරීන්ට නැති ගුණ ගායනා කරන ලද්දේ රාජසිංහ රජුගේ විල්ලූද පිලියෙන් හා රන්කමින් කරන ලද විජිනිපතින් මුහුණු වසාගෙන බව අපි දනිමු.

උඩරට සියලූ ප‍්‍රභූ පවුල් මරා දමා හෝ වස ඟයට ගෙන හෝ යටපත් කොට හෝ සිය බටහිර මජර ජීවිත ඔපවත් කිරීම සඳහා ලංකාවේ ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික වටපිටාව වෙනස් කරමින් ඉංගී‍්‍රසීන් ගෙනා මුඩුබිම් පනත හා වෙනත් කෲර අණපනත්වලට විරුද්ධව උඩරට ජනයා 1848 දී පෙළ ගැසෙද්දී ඊට නායකත්වය දීමට මුහුදුබඩින් ගිය පුරන් අප්පු හා ඬේවිඞ් හැරුණු විට උඩරට නායකයන් කිසිවෙක් ඉතිරි වී නොසිටියහ. එංගලන්තයේ රජුගේ ‘මෘදු සාධාරණ පාලනය හා අසරණයන් හා දුගීන් කෙරෙහි එතුමන් පෙන්වූ කරුණාව’ සැබැවින්ම ලක් පොළොවට ජනිතව තිබුණි. මාර්තු 2 දා උඩරට ජනතාව අතරට පැමිණීම ආශිර්වාදයක් කොට පිළිගත් මහා නායක හිමිවරු ආරාම ඇතුළට වී සුවෙන් කල් ගෙවූහ.

වර්තමානයේ අප දැන් දකින්නේ වසර දෙසීයයකට පසු ඉතිහාසයේ පුනරාගමනයයි. පාලකයන්ගේ නම් ගුණ ගායනාකරන සංඝ පීතෘත්වයයි. එය 1815 දී කළ ආකාරයටම දැනුදු ගායනා කරමින් සිටියි. උතුරේ අහිංසක දෙමළ ජනතාවට මුවා වී වේළුපිල්ලේ බටහිර උවමනාවන් වෙනුවෙන් මේ මව්බිම දෙකඩ කිරීමට ගත් උත්සාහය තවම ලංකීය ජනයාට අමතකව ගොස් නැත. 1987 දී ජයවර්ධන තොණ්ඩමන් රජය ඉන්දීය කුලී සේනාවන්ට මුවා වී බෙදුම්වාදයට යටවී කප්පම් දෙනවිටත් මේ මහා නායක හිමිවරු පිරිත් නූල් බඳිමින් ඊට ආශිර්වාද කළා අපට මතකය.
අද ලෝකය ප‍්‍රධාන වශයෙන් කඳවුරු දෙකකට බෙදී බටහිර කඳවුර, චීනය මුල්කොටගත්
නැෙ ‍ෙඟනහිර කඳවුරට ප‍්‍රහාරයන් එල්ල කිරීම සඳහා මේ වනවිටත් දියාගෝ ගාෂිය‍ෙපතේද ඕස්ටේ‍්‍රලියාවේද මැනිලා හා ක්වාලාලාම්පූර්හිද කොනලූලූදූ පත්වලද අති නවීන මිසයිල ස්ථානගත කරමින් සිටියි. ආසියාව නව යුද කේන්ද්‍රයක් බවට පෙරළා ඇත. ලෝකයේ විශාලම මුහුදු මාවත වැටී ඇත්තේ ලංකාවට සැතපුම් පහක් හයක් ඈතින් හම්බන්තොට වරාය පේන මානයේය. හම්බන්තොට වරාය උපායමාර්ගික වශයෙන් ආරක්‍ෂණය හා ප‍්‍රසාරණය සඳහා ඉතාමත්ම වැදගත්ය. ත‍්‍රස්තවාදය පරාජයට පත් කළ යුද විරුවන් ඊට නායකත්වය දෙන ලද දේශපාලන අධිකාරිය සුනු විසුණු කිරීම බටහිරට න්‍යායාත්මකව ගත් කළ අත්‍යවශ්‍ය කටයුත්තකි. ඒ සඳහා අධිරාජ්‍යවාදීන් ඉතා සූක්‍ෂ්මව සෝභිත හා රතන හාමුදුරුවරු හරහා යහපාලන මතවාදය ස්ථාවර කොට ගන්නේය. දැන් දැන් මහ නායකහිමිවරු ඊළඟ ජවනිකාවට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටියි. තොගපිටින් නව පාලකයන් උන්වහන්සේලාගේ ආරාම වෙත ගොස් නව පාවාදීමට අවශ්‍ය පසුබිමට ගැලපෙන සළුපිළි අන්දවාගනිතිි.

උදාවී ඇත්තේ බාහිර පාලකයන් සිය ගෝලබාලයන් උපයෝගී කොට ගෙන උපායමාර්ගිකව ලෝක යුද්ධයේ පෙරමුණට ලංකාව ඇතුළු කිරීමේ වකවානුවයි. මුළුමහත් ලාංකීය සමාජයම සිය සභ්‍යත්වය අතහැර වල්වැදී ගිය සමයක සරණංකර සාදු චර්යාව විසින් එයට පාවාදී යළි ඔසවා තැබූ ආකාරයේ මැදිහත්වීමක් අවැසි සමයක අපේ සංඝ පීතෘවරු හැසිරෙන්නේ සරණංකර නාහිමියන්ගේ අනුගාමිකයන් ලෙසද? සරණංකර හිමියන් කිසිදාක රජුගේ ගුණ ගායනා නොකළහ. රජුගේ උදව් ලබාගෙන ලාංකීය සභ්‍යත්වයට යළි පණ දීම බුද්ධපුත‍්‍රයකුගේ උරුමය බව උන්වහන්සේ පසක් කොට සිටි සේක. ලාංකීය සභ්‍යත්වය සිය ඉතිහාසයේ අවසානය කරා හෙමින් හෙමින් ළ`වෙමින් පවතියි. සරණංකර සාදු චර්යාව විසින් ගොඩනැ ඟ මුල්කිරිගල හා වේවැල්ලේ පරම්පරාවන් දැන් නැත. උන්වහන්සේලා ජාතියට ප‍්‍රාණ වායුව පිඹීම සඳහා ගොඩනැ ඟරත්මලානේ පරම ධම්මචේතීය පිරිවෙන ඉන් පසු ගොඩනැපඋගූ විද්‍යෝදය හා විද්‍යාලංකාර අධ්‍යාපන ආයතන දෙක බටහිර විශ්වවිද්‍යාලය බවට පෙරලී ජාතියේ දරුවන් ජාතියේ හතුරන් බවට පෙරළන ආයතන බවට පත් වී ඇත. නව සරණංකර සාදු චර්යාවක සම්ප‍්‍රාප්තිය ජාතිය එක හඩින් ඉල්ලා සිටින මොහොතක 1815 පාවාදීමට සුබපැතුම් එකතු කළ කොබ්බෑකඩුව නාහිමි පරම්පරාවක් අපට උරුම වී ඇත.

බ‍්‍රාහ්මණ ඉගැන්වීම්වලට යටත්ව සොළොස් මහා ජනපදයන්හි බ‍්‍රාහ්මණ ක්ෂතී‍්‍රය, වෛශ්‍යය, ශුද්‍ර ලෙස සමාජය බෙදා තම පැවැත්ම සඳහා බමුණන් ගොඩන  ඟ තිබූ මතවාදයන් සුණුවිසුණු කොට ක‍්‍රි. පූ. 6 වන සියවසේදී බුදු හිමියන් ඉදිරිපත් කළ අමාදහම වූ බුදු දහමයි. පෙරදිග ලෝකයම ඒකාලෝක කොට ආර්ථික දේශපාලන අතින් බටහිරකරණය නොවී වඩා වෙනස් මානව ගුණධර්මවලින් අනූණ ආසියානු චින්තන විධි සහිත මානව පරපුරක් ලෝකයට දායාද කරන ලද්දේ බුදු දහම විසිනි. උන්වහන්සේ ලිච්ඡුවීන්ගේ දේශපාලන ක‍්‍රමෝපායන් අගැයීමට ලක් කළා මිස කිසිම පාලකයකුගේ ගුණ ගායනා කරන තැනකට නොවැඩි සේක. මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන්වහන්සේද ධර්මාශෝක රජුගේ ගුණ ගායනා නොකළ සේක. මිහිඳු මාහිමියෝද තිස්ස රජුට පමණක් නොව අහසෙහි සරන කුරුල්ලන්ටද වනයෙහි සරන සතුන්ටද එකසේ ජීවිතයට ඇති උරුමය පහදා දුන්නා මිස ගුණ ගායනා කොට දහම ස්ථාවර කරන්නට උත්සාහ නොගත් සේක.
ගෞරවනීය මහනාහිමිවරුනි, මේ ගෙවෙන්නේ අභිමානවත් ලාංකීය ඉතිහාසයක් බෞද්ධ සභ්‍යත්වයේ අවසන් හෝරාවයි. බටහිර අධිරාජ්‍යවාදය පෙරදිග සමග ආරම්භකොට ඇති දරුණු යුද්ධයේ ආරම්භක නිමේෂයයි. දෙමළ ඩයස්පෝරාව තම කුලී සේනාංකයන් බවට පත්කොට ඇත. ඉන් ලාංකීය දෙමළ ජනයාට අත්වන සුගතියක් නොමැත.

ලාංකීය භූමියට අත්වන සුගතියක් නොමැත. දැනටමත් රට අරාජිකත්වයක් කරා පියන ඟා ඇත. සංඝ පීතෘවරුන්ගේ වගකීම සම්බුද්ධ ශාසනයත් මේ උතුම් පුන්‍ය භූමියේත් අනාගත ඉරණම කවරාකාරී විය හැකිද, යන්න හඳුනාගෙන ඉන් ජාතියත් ශාසනයත් බේරාගැනීමට අර්ථයෙන් ධර්මයෙන් ජනතාවට අනුශාසනා කිරීමයි. මේ ඒ සඳහා කාලයයි. කාලෝ අයංතේ!

සේනාරත්න ද සිල්වා

Related posts

බන්ධනාගාරගත රැඳවියන්ට Sanitizer භාවිතය තහනම් කරයි

colombotoday

මන්ත්‍රීන්ට දීපු සහනේ ඉල්ලා වැලිකඩ කැලඹෙයි | සිරකරුවන්ට මෙල්ල කරන්න කැරලි මර්දෙනෙත් එයි

colombotoday

හුස්ම රැගත් ‘ශක්ති’ කොළඹ වරායට සේන්දුවෙයි

colombotoday

පිය – පුතු දෙපළ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ජිප් රියට බිලි

Admin

පක්ෂ නායකයෝ රැස්වී තීරණයකට එයි.. අගමැතිගේ ඉරණම තීන්දු වන දිනය මෙන්න

colombotoday

රට කාබාසිනියා කරන ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා කවුදැයි රවී හෙළිකරයි [Video]

colombotoday